රෑ කොවුලෙකුගේ ගීතයකින් ඔබට විභාගයක් සමත් වෙන්න පුළුවන් වෙයිද?

0
121

රෑ කොවුලෙකුගේ ගීතයකින් ඔබට විභාගයක් සමත් වෙන්න පුළුවන් වෙයිද ? එහෙමත් නැතිනම් කවුඩෙකුගේ ශබ්දයකින් ඔබට බැංකු ගිණුමක් විවෘත කරන්නට සිතෙයි කියලා ඔබ හිතනවාද?  නමුත් ශබ්ද විශේඥයින් පවසන්නේ මේ දෙකම කළ හැකි බවයි.

නිතර නිතර ඇතිවන ශබ්ද අපගේ මානසික ඒකාග්‍රතාවයට බාධාවක්. එසේ වෙන්නේ එම ශබ්ද බොහෝ විට රෑපවාහිනීවල ශබ්ද , මාර්ග තදබදයකදී ඇතිවන ශබ්ද, මිනිසුන්ගේ ශබ්ද වැනි අවස්ථාවලයි. නමුත් හඬ විශේඥයින් පවසන පරිදි සමහර ශබ්ද වලට හැකියාව පවතිනවා අපගේ මානසික ඒකාග්‍රතාවය වැඩි කරන්නට.   කුරැල්ලන්ගේ ශබ්දත් ඊට උදාහරණ වෙනවා.

අවුරැදු දහස් ගණනක ඉදන් අපි දන්නවා කුරැළු ගීත මිනිසුන්ව සැනසෙව්වා, ඔවුනගේ මනස නිදහස් කරා කියලා.ඒ වගේම අපි දන්නවා උදෑසනම අපට ඇසෙන කුරැළු ගීත වලින් මේ නව දිනයක ආරම්භය බවත්.එම නිසා කුරැළු ගීත මිනිසාට උත්තේජනයක් ලෙස ක්‍රියා කරනවා.වර්ථමානයේ මෙම කුරැළු ගීත ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණයටත් යොදාගෙන තිබෙනවා.අපි යම්කිසි වැඩක නිරත වී සිටින විට මෙම ශබ්ද වලට ඇහුම්කම් දීමෙන් අපි කරන වැඩේ කෙරෙහි අපේ තිබෙන අවධානය වැඩිවෙනවා වගේම ඒ පිළිබදව අපේ දැනීමත් වැඩිකරලා අපේ විඩාව අඩුකිරීමට මෙයට හැකියාව ඇති බවයි මෙහි නිර්මාතෘවරැන් පවසන්නේ.

එලෙසම අපි සැමදෙනාම අත්දැක ඇති දිවා ආහාරය ලබාගැනීමෙන් පසුව ශරීරයේ සීනි මට්ටම පහත වැටීම නිසා ඇතිවන නිදිමත තත්වය නැති කිරීමටත් මෙම කුරැළු ගීත ඉවහල් වන බව හෙලිවී තිබෙනවා.ලිවර්පූල් නගරයේ ප්‍රාථමික පාසලක සිසුන්ගේ දිවා ආහාරයෙන් පසුව ඔවුනට මෙම ස්වභාවික කුරැළු ගීත වලට ඇහුම්කම්දීමට සැලැස්වීමෙන් පසු පාඩම් වැඩ කටයුතු වලට ඔවුන්ගේ ඇති උනන්දුවත් හිත එකඟ කර ගැනීමේ හැකියාවත් වැඩිවී ඇති බව හෙලිවී තිබෙනවා.විද්‍යාඥයින් පවසන පරිදි  මෙලෙස කුරැළු ගීත මිනසාගේ මනසට මෙතරම් බලපෑම් කරන්නේ එම ශබ්දවල නැවත නැවත ඇසෙන තාලයන් නොතිබීමත් එම ගීත අහඹුලෙස ඇතිවන ශබ්ද ගණනාවකින් සමන්විතවී තිබීම නිසාත්ය.

එලෙසම යුරෝපයේ  විශාලතම සහ කාර්‍යබහුලම ළමා රෝහලක් වන ලිවර්පූල් ළමා රෝහලේ කොරිඩෝරැ වලත් රෝහල් කාර්‍යමණ්ඩලයට මෙන්ම රෝගීන්ටත් මෙම කුරැල්න්ගේ ශබ්ද ඇසීමට සලස්වා තිබෙනවා.ඔවුන් පවසන්නේ මෙම ගීත විශේෂයෙන් ළමා සහ තරැ‍‍ණ රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන අවස්ථාවලදී  ඔවුන්ගේ මනස නිදහස් කිරීමට බෙහෙවින් උපයෝගී වන බවයි.

මෙලෙස විවිධාකාරයේ ස්ථාන වලත් විශේෂයෙන් ශබ්ද වැඩි මහාමාර්ග වැනි ස්ථාන වලත් ගුවන් තොටුපලවල් වලත් මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම පිණිස මෙලෙස කුරැළුගීත යොදා තැනීම ලොව පුරාම ඉතාමත් සාර්ථක වී තිබෙනවා.

 

උපුටා ගැනීම – BBC News Magazine.

සටහන-මිතිලායා ගමගේ