රිචඩ් මානමුදලි අනතුරකට ලක්ව දැඩි සත්කාර ඒකකයේ ….

0
367

අද දහවල් සිදුව ඇති හදිසි අනතුරක් හේතුවෙන් ජනප්‍රිය වේදිකා හා රුපවාහිනි නළු රිචඩ් මානමුදලි මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
කටාන නෙළුම්පිටිය ශා.නික්ලස් ජාත්‍යන්තර පාසැල අසලදි මෝටර් රථයක දොරක් හදිස්සියේ විවෘතව ඇති අතර ඒ අසලින් ගමන් ගැනිමේදි මෙම අනතුරු සිදුව ඇත.
අනතුර නිසා බෙල්ලේ රුධිර නාලවලට  හානි සිදුව  තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
හදිසි ශළ්‍යකර්මයකටද භාජනය කර ඇත.
රිචඩ් මානමුදලිගේ නිෂ්පාදනයක් වු සාකුන්තල වේදිකා නාට්‍යයට වසර 10 පිරිම නිමිත්තෙන් 2014 ජුලි 27 වනදා මීගමුවේදි එහි විශේෂ දර්ශනයක්ද පැවැත්විමට නියමිතව තිබේ.richa 2