රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්.!

0
453
මීගමුව කොළඹ මාර්ගයේ හැඳල හන්දියේ සිට අල්විස් හන්දිය දක්වා රථවාහන සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
අද (07) දින රාත්රී 7.00 සිට හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික බුද්ධ ජයන්ති මහා පෙරහැර සංවිධානය කර ඇති අතර පෙරහැර මීගමුව කොළඹ ප්රධාන මාර්ගයේද වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සදහන් කරයි.
පෙරහැර ගමන් ගන්නා කාලය තුළ හැඳල හන්දියේ සිට අල්විස් හන්දිය දක්වා මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද පොලීසිය විසින් දැනුම්දෙයි.