රියදුරු බලපත්‍රයට අළුත් දෙයක් එක්වෙයි..

0
55

අවයව සහ පටක බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමට රියැදුරන්ගේ කැමැත්ත ලබාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ පටක, අත්‍යවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා හැකියාව ලබා දෙමින්, සිය අවයව හා පටක පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත ලබා දීමට රියැදුරන්ට හැකි වන පරිදි රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අයදුම්පත්‍ර සං‍ශෝධනය කිරීමට නියමිතයි.

එසේ ලබා දෙන ලද කැමැත්ත නිරූපණය වන පරිදි දැනට පවතින රියැදුරු බලපත්‍රය සංශෝධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.

4fa27d365a1fd5de50b3b588acba3e55_XL

 

උපුටාගැනීම – http://sinhala.asianmirror.lk