රියුනියන් දූපතින් පිටවහල් කල ශ්‍රීලාංකිකයන් 64ක් දිවයිනට

0
156

අප්‍රිකානු මහද්වීපයේ මැඩගස්කර් දූපතට ආසන්නව පිහිටා ඇති ප්‍රංශයේ යටත් විජිතයක් වන රියුනියන් දූපත වෙත ගොස් එරටට ඇතුළුවී සිටියදී ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (14) දිනයිනට පැමිණියහ.

මෙම පිරිස අතර කාන්තාවන් 6ක්,කුඩා ළමුන් 4ක් හා පුරුෂයන් 54ක් සිට ඇති අතර ප්‍රංශයට අයත් බෝයිං – 737 යානයෙන් මෙම පිරිස ඊයේ පස්වරු 2.55ට පමණ දිවයිනට පැමිණ තිබේ.

මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පළමුව භාර දී ඇති අතර ඉන්පසුව එම පිරිස වැඩිදුර විමර්ශණ සදහා ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.