රිෂාඩ් ඉන්නේ මීගමුවේද..???

0
151

Rishardකොරෝනා බිය අස්සේත් රිෂාඩ් කතා වස්තුව දිනපතාම තටු ලබමින් ඉඟිල යනු පෙනේ.පොලිස් කණ්ඩායම් 6ක් මෙහෙයුමට සම්බන්ධ කළද තවමත් ප්‍රථිපල නැත.මේ අතර රිෂාඩ්ව සොයා ක්‍රියාත්මක මෙහෙයුම් විවිධ තැන්වලට යන බව පෙනේ.

සමඟි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉන්නා තැනටද ගොස් රිෂාඩ් ඉන්නවාදැයි ප්‍රශ්ණ කර තිබුන බව මාධ්‍ය වාර්තා කොට තිබේ.මේ අතර රිෂාඩ් මෙහෙයුම හා පබැඳුන විවිධ රස කතා මෙන්ම කාටුන්ද සමාජ මාධ්‍ය අතර කලක පටන් සැරිසරමින් තිබේ.සැබැවින්ම ඉන් පෙන්වා දෙනුයේ  මේ නාටකය ගැන පුරවැසියා සිතන අන්දම ගැනය.

මේ අතර රිෂාඩ් හා මීගමුවේ ඇතැම් දේශපාලකයන් අතර තිබෙන කිට්ටු සම්බන්ධය ගැනද කතා බවක් දේශපාලන කව අතර මේ දිනවල මතුව තිබේ.එනම් කොට්ටාශ 29කින් කොට්ටාශ 7පමණක් ජයගෙන මීගමුවේ දේශපාලන බලය තවදුරටත් පවුලක් අතේ රදවා තබාගැනිම සඳහා ක්‍රියාත්මක වු මන්ත්‍රීවරුන් බා ගැනිමේ මෙහෙයුමේදි මීගමුවෙන් මොණරා ලකුණුනෙන් ඡන්දය ඉල්ලා යන්තම් තේරීපත්වු නාගරික මන්ත්‍රීවරයාවද රිෂාඩ්ගේ සහයෙන් පවුලේ බලය යළි මීගමුව තුල ස්ථාපිත කරගැනිමට යොදාගෙන තිබුණි.ඒ රිෂාඩ් යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටියදිය.කොට්ටාශ 29න් 19 ක් ජයගත් එජාපයට මිගමුවේ බලය ලබාගැනිමට ඉඩ සලසා දෙනවා වෙනුවට රිෂාඩ් සිය සහය ලබාදි තිබුනේ පවුලක බලය මීගමුව තුල යළිත් ස්ථාපිත කර දිමටය.

ඉන් කියැවෙන්නෙ කුමක්ද? මේ අය අතර ඇති සමීපතම සම්බන්ධය නොවේද? එසේ නම් මේ දිනවල මතුව ඇති කතිකාවන්හිදි රිෂාඩ් හැංගිලා ඉන්නෙ මීගමුවේ වෙන්න බැරිදැයි අසන පැනය සැබැවින්ම වලංගු නැති එකක් නොවන්නටද පුලුවන…