රුක්මණිදේවිගේ සොහොනට ලක්ෂ 5 ක් ගත්තු කුරුන්ගුරුන්ලා කෝ??

0
294

2012 අගෝස්තු 12 වැනි දින මීගමුව මහ නගර සභා ප්‍රධාන සුසාන භූමියේ පිහිටි රුක්මනීදේවියගේ සිරුර භූමදානය කර තිබෙන ස්මාරකය කඩා බිද දමා තිබුෙණි්   මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු වු ආනන්ද මුණසිංහ නැමැත්තා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙක් විසිනි.මේ ගැන අධිකරණය හමුවේ චෝදනා ලැබු මේ පිරිස  ඊට වන්දි වශයෙන් ස්මාකරකය නැවත ඉදිකිරිමට රු ලක්ෂ 5 ක් රුක්මණිෙද්වි සංසදයට ලබාදුණි.

ඒ අනුව අධිකරනය තීන්දු කල එම රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල ලබා ගැනුනේ රුක්මණි දේවි සංසදයේ අධ්‍යක්ෂිකා ශිරානි අමලා දිසානායක නැමැති රුක්මණි දේවියගේ ගීත ගයනා කරන තැනැත්තියක් විසිනි. එම වන්දි මුදල ලබා ගැනීමේ අවස්ථාවට එම සංසදයේ ලේකම් ලෙස කොපිකඬේ කුරුං-ගුරුං හෙවත් කේ.ඒ. පියකරු නැමැත්තාද සහභාගී විය. එලෙසම එම සංසදයේ සමජිකයෙකු වන අර්නස්ට් සොයිසා නැමැති ප්‍රකට  ගිටාර් වාදන ශිල්පියාද සහභාගී විය.

ලක්ෂ 5 ගත්තු මේ කලාකරුවන් ගැන කිසිදු තොරතුරක් මේ වනතෙක් නැත. කඩා දැමුණු ස්මාරකයද තවමත් එලෙසින්ම පවති.