රුක්මණීගේ දේවියගේ සොහොන කඩා වසර 3ක් වනතුරුත් සාදා නිමකර නෑ

0
63

IMG_0806 බැඅneew

ශ්‍රී  ලාංකීය අග්‍රගන්‍ය සිනමා නිලියක හා ගායන ශිල්පිනියක වූ හෙලයේ මහා කෝකිලාව යන විරුධාවලිය ලත් රුක්මණි දේවිය මියගොස් 2014.10.28 දිනට වසර 35ක් සපිරෙයි.
එතුමියගේ  සිරුර මීගමුව මංඤොක්කාහේන පොදු සුසාන භූමියේ මිහිදන් කෙරුණු අතර අවුරුදු කීපයකට පෙර  රුක්මනී දේවියගේ ගීත ගායනා කරන ශිරානි දිසානායක මහත්මිය හා රුක්මනී දේවී සංසදය විසින් සොහොන් කොත වටා ස්මාරකයක් තනා නිම කරන ලද්දේ එතුමියට උපහාරයක් වනු පිනිසය.
පසුකාලීනව මෙම ස්මාරකය කඩා බිද දමනු ලද්දේ මීගමුව හිටපු නගරාධිපතිවරයෙකු වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ ආනන්ද මුණසිංහ නැමැත්තා විසිනි.
රුක්මණි දේවියගේ සිරුර භූමදානය කල සුසාන භූමියේ එම බිම් කොටස ඔහුගේ බිරිදගේ පවුලට නීත්‍යානුකූලව අයත් එකක් බවත් එම පවුලේ ඥාතීන් දෙදෙනෙකු ඒ වන විට මිය යෑමට ආසන්න බැවින් ඔවුන් මිය ගිය විට භුමදානය සදහා මෙම බිම් කඩෙන් කොටසක් වෙන් කර ගැනීමට කටයුතු ක බවත් ඔහු පොලිසියට පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් මීගමුව  පොලිසිය විසින් ගොනු කරන ලද නඩුවේහි ආනන්ද මුණසිංහ නැමැත්තාට ලක්ෂ 05ක වන්දියක් ගෙවීමට සිදු වූ අතර ඒම මුදල රුක්මනී දේවී  සංසදයේ අධ්‍යක්ෂිකා ශිරානි අමලා දිසානායක (රුක්මණි දේවියගේ ගීත ගායනා  කරන ගායන ශිල්පිණියෙකි. ) නැමැත්තියක් විසින් එම මුදල් අධිකරණයේදී භාර ගත් අතර එම සංසදයේ ලේකම් ලෙස කේ. ඒ. පියකරු (කෝපිකඬේ කුරුං-ගුරුං) සහ ප‍්‍රකට ගිටාර් වාදන ශිල්පී අර්නස්ට් සොයිසා යන අයද එම මුදල් භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වූහ.
වසර තුනක් ගත වී ඇතත් අද වන තුරුත් මෙම ස්මාරකයේ දැකගත හැකිවන්නේ කනු හතරක් ගසා පෙර තිබූ තත්වයේමය. වන්දි ලෙස ගත් ලක්ෂ 05 මුදලට  සිදු වූයේ කුමක්ද?
මේ තරම්
රුක්මනී දේවියට උපහාරයක් පිනිස යැයි සිදු කළ මෙම පුන්‍ය කර්මය අද වන විට  දිස් වන්නේ රොඩු ගොඩක් හා නටඹුන්  මෙනි.  එහි  උඩු කොටස සහ තවත් කොටස් ගැලවී ගොස්ය.
නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය වුවත් කිසි කෙනෙකුගේ අවධානයක් මෙම සොහොන් කොතට යොමු වී නැති බව අපට පෙනෙන්නට තිබේ.