වාට්ටු වල ඉඩපහසුකම් කාර්ය මණ්ඩල හිගය සහ ඇදන් ඇතුළ පහසුකම් සියල්ල ගැන සලකා බලන කළ මෙම තින්දුව නිසා රෝහලට පැමිණෙන රොගින් ගණන යම් පමණකට පාලනය කර ගැනිමට ඉඩ කඩක් ලැබි තිබුණි.
ඒ අනුව විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතාගේ මේ තින්දුව පැවැති අර්බුදය කළමණාකරණය කරගැනිම ඇත්තට රුකුලක් වි තිබුණි.
එහෙත් මෙම තින්දුවේද ගැටළු රැසක් මතුව තිබුණි.
එනම් ඩෙංගු රෝගයට ගොදුරු වන පවුල් වල දැනුම් මට්ටම් සහ ආර්ථික මට්ටම් අනුව නිවේස් වල සිට ප්‍රථිකාර කිරිමේදි මතුවිය හැකි ගැටළුය.
නිදසුනක් ලෙස ආඩිඅම්බලමේ රෝගියෙකු ඩෙංගු රුධිර පරික්ෂාවන් සදහා ත්‍රිරෝද රථයක ගැස්සි ගැස්සි මීගමුවට දිනකට දෙවරක් පැමිණිම සිදුවුවහොත් ඇතිවිය හැකි තත්වය කෙබදු විය හැකිද ?
එක් පැත්තකින් ආර්ථිකමය කරුණුය.අනිත් අතින් ඩෙංගු රෝගියෙකු පුර්ණ ලෙසම ඇදකට වි විවේකිව සිටිය යුතු වුවද වැඩිදුරක් එහාට මෙහාට යාම නිසාම වේගයෙන් රුධිර පට්ටිකා පහල යැමේ අවධානමක්ද තිබුණි.
මෙහිදි මතුව ආ අනික් කරුණු වි තිබුනේ රෝහලේ තත්වය කළමණාකරණය කරගැනිමට ගනු ලැබු අවම රුධිර පට්ටිකා මායිම් සිමාව නිසා ඇතැම් පුද්ගලික ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන් ඩෙංගු රෝගින් තමන්ටම පාලනය කරගතහැකි යැයි සිතා තමන්ගේ ප්‍රතිකාර වටය ඇතුළත රදවාගනිමින් රෝහලට ඇතුළු කිරිම ආසාධ්‍ය තත්වය දක්වා කල් දමන පසුබිමක්ද මතුව තිබුණි.
මේ නිසා ඇතැම් වෛද්‍යවරුන් වැඩි අදායම් ලබන්නටද මෙය අවස්ථාවක් කරගෙන තිබුණි.
මේ යථාර්ථයේ අතිශය අවාසනාවත්ත අත්දැකිමකට අප මිට පැය කිපයකට පෙර මුහුණ දුන්නෙමු.
එනම් පුද්ගලික වෛද්‍යවරුයෙකු ප්‍රථිකාර ලබමින් සිට අසාධ්‍ය තත්වයට පත්ව රෝහලට ඇතුළත් කිරිමේදි පස්වියැති දැරියක මිය ගොස් තිබිමයි
මෙය ඉතාමත් බරපතල තත්වයකි.
මේ යථාර්ථය ගැන යළිත් වරක් නිවරදි විමර්ශනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ගවලට පැමිණෙන්නේ පමණක් අවාසනාව කළමණාකරණය කරගතහැකි වනු ඇත.