රුසියන් පොලීසියෙන් ” Selfie ” වලට අනතුරු ඇගවීමක්…

0
74

Selfie ගැනීමේදී ඇතිවිය හැකි අනතුරු පිලිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔවුන්ගේ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ “Safe Selfie ” ලෙස දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරමින්. ඔවුන් තවදුරටත් පවසන පරිදි මෙම ක්‍රියාවලියේ අරමුණ වන්නේ දිනෙන් දිනම ඉහල යන Selfie නිසා සිදුවන අනතුරු අවම කරගන්නා ආකාරය පිළිබද ජනතාව දැනුවත් කිරීමයි. ඒ නිසාම ඔවුන් තමන්ගේ වේ අඩවියේ  ” සමාජ ජාල හරහා ලැබෙන මිලියනයක් පමණ likes වලට වඩා තමන්ගේ සෞඛ්‍ය හා ජීවිතය වටිනවා” ලෙස තේමා පාඨයක් යෙදීමටත් අමතක කර නැහැ.

පුද්ගලයෙකු  තමන්ගේම ඡායාරූපයක් ගැනීමට සැරසෙන විට ඔහුගේ අවධානය හා සමබරතාවය ගිලිහෙන බවත්, තමන් අවට ඇති අනතුරුදායක දේ ගැන ඔහුට අවධානයක් නොමැති වීම නිසා මෙලෙස දිනෙන් දිනම සිදුවන අනතුරු ප්‍රමාණය ඉහල යන බවත් ඔවුන් පවසනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ ජනතාවට පවසන්නේ Selfie ගැනීමේදී තමන්ගේ අවට සිදුවන දේ පිළිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසටයි.

ජනතාව දැනුවත් කිරීම සදහා ඔවුන් නිර්මාණය කල පෝස්ටයක් පහත දක්වා ඇත.

selfie-graphic-annotated

http://globalvoicesonline.org ඇසුරිණි