රුසියාවේ කොන් කින් ගේ මළ සිරුර තවමත් මෝචරියේ..

0
94

මීට වසර 03 කට පමන පෙර මෙරටට පැමිණි කොන් කින් ඇන්ටන් නැමැති රුසියානු ජාතිකයෙකු සංචාරක හෝටලයක් ඉදි කිරිම සදහා දකුණේ තංගල්ල ප්‍රදේශයේදී ඉඩමක් මිලදී ගෙන තිබිණි. පසුව හෙලි වී ඇත්තේ තමා සංචාරක හෝටලයක් ඉදි කිරිමට මිලදී ගත් එම ඉඩම රජයෙන් සුසාන භූමියක් සදහා වෙන් කල ඉඩමක් බවයි.
ඒ අනුව තමාට සිදුවු අසාධාරණය හේතුවෙන් ඔහු අධිකරණයට නඩුවක් ගොනු කල අතර එය අධිකරණය තුල විභාග වෙමින් තිබිණි. පසුගියදා ඔහු නැවත මෙරටට පැමිණ තිබුනේ තමන් පැවරූ එම නඩුව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරිමේ අරමුණෙනි.
ඒ අනුව ඔහු පසුගිය 02 වැනි අගහරුවාදා දින සවස කටුනායක, ආඩිඅම්බලම ගුවන්තොටුපල පාරේ පිහිටි එක්තරා ලැගුම් හලකට පැමිණ එහි හිමිකරු අමතා පවසා තිබුනේ තමන් හෙට (03 වැනි බදාදා දින)  උදෑසන 6.00 ට පමණ නැවත රුසියාවට යන බවත් තමා පිටත්වන තුරු රැදී සිටිමට කාමරයකට ගෙවීමට මේ වන විට තමා සන්තකව මුදල් නොමැති බැවින් එම ලැගුම් හලේ ඉදිරිපස ශාලාවේ රැදී සිටිමට අවසර දෙන ලෙසයි.
එවිට ලැගුම් හලේ හිමිකරු පවසා තිබුනේ ඉදිරිපස ශාලවේ රැදී සිටීමට අවශ්‍ය නැති බවත් මුදල් නොමැති වුවත් හෙට උදෑසන පිටත්ව යන තුරු පැය කිහිපයකට තමන් කාමරයක් ඔහුට දීමට කැමති බවත්ය. ඒ අනුව ඔහුට එම ලැගුම් හලේ කාමරයක් ලැබුනු අතර පසුදාට පහන් වී උදෑසන 9.00 පමන වනතුරුත් රුසියානු ජාතිකයා ඔහු රැදී සිටි කාමරයෙන් පිටතට පැමින තිබුනේ නැත. ඒ පිලිබදව විමසිලිත් වු ලැගුම්හලේ කාර්යමන්ඩලය ඔහු පිලිබදව සොයා බලන විට ඔහු රැදී සිටි කාමරයේ කර්ටන් දැමීමට භාවිතා කල තන්ගුස් නුලක් ගෙන ගෙල වැලා ලා සිය දිවි හානි කර ගෙන සිටි ආකාරය දැක ගත හැකි විය. ඒ අනුව කටුනායක පොලිසියට පරීක්ෂණ කටයුතු මෙහෙයවීය . ඒ අනුව එම මලසිරුර පිලිබදව මේ වන විට රුසියානු මහා කොමසාරිස් කාර්ලය දැනුවත් කර ඇති අතර මෙතෙක් ඔහුගේ ඥාතීන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් කිසිදු පිලිතුරක් ලැබී නොමැත.
මිය යන විට ඔහුගේ වවයස අවුරුදු 38 ක් වු බව පොලිසිය කියයි. මේ වන විට එම
මෘත දේහය මීගමු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ.