රු කෝටි ගණනක කාන්තා යට ඇදුම් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට ?

0
141

seeduwa 3seeduwa 2ඇමරිකාව හා එංගලන්තය වැනි යුරෝපා රට වලට අපනයන කිරිම සදහා සුදානම් කර තිබු රුපියල් කෝටි දාහතරකට අධික වටිනා කමකින් යුතු කාන්තා යට ඇදූම් තොගයක් නෙළුබෑව ප්‍රදේශයේ ඇගළුම් කම්හලක් බිද එහි ඇගළුම් සොරාගත්  යැයි කියන ප්‍රධාන සැක කරුවකු ඉකුත් 22 දින සවස මිගමුව නගර මධ්‍යයේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි අතපත්තු මුදියන්සේලාගේ දිනේෂ් කුමාර අතපත්තු 33 නොහොත් සංජිව යන පුද්ගලයෙකුය
යුරෝපීය රටවලට ඉතා සුපිරි මිළ ගණන්  සුපිරි සන්නාම යටතේ අළවි වන රුපියල් කෝටි දාහතරකට අධික වටිනා කමකින් යුතු මෙම කාන්තා යට ඇදූම් තොගය අනුරාධපුර හිදෝගම පොලිස් වසමට අයත් නෙළුබෑව ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවකින් ඉකුත් 3 වන දින අළුයම ආරක්ෂක අංශය නොමග යවා විශාල විදූරු දොරවල් අගුළු බිද එහි තිබු ෙබිල් වර්ගයේ රෙදි උර වලට දමා ත්‍රිරෝද රථයකින් පලා ගොස් පසුව ප්‍රදේශ කීපයක රෙදි පිලි කඩ කීපයකට විකුණා ඇති බව පරික්ෂණ වලදී හෙලිවු බව පොලිසීය කියයි
මෙම සැක කරු සමග තවත් පුද්ගලයෙකු මෙයට පෙර සීදූව ප්‍රදේශයේ ඇගළුම් කම්හලක් බිද කරන ලද සොරකමක් සම්බන්දයෙන් ඉකුත් 18 දින ඇප නියම වි ඇතත් එදින ඇප ලබා නිදහස් නොවි සිට ඇත්තේ කෝටි 14 සොරකමට සම්බන්දයෙන් ඇප මත නිදහස් වි එලියට එන අවස්ථාෙවි අත් අඩංගුවට ගැනීමට සිටින බව එහුට ආරංචි වි ඇති බවත් පසුව දින 4කට පසු නිදහස් වි එලියට එන අවස්ථාෙවි මෙම පුද්ගලයාත් මිගමුව නගර මධ්‍යයේදී අත් අඩංගුවට ගත් බව පොලිසීය ප්‍රකාශ කලේය
ප්‍රධාන සැක කරු සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන යනු ලබන මෙම සොරකම ඇතුළු තවත් මෙවැනි සොරකම් කීපයකට සම්බන්දයෙන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ආඩිඅම්බලම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය උප ඇගළුම් කර්මාන්ත ශාලාවක තිබියදී ලක්ෂ අසුවක් පමණ වටිනා යට ඇදූම් තොගයක් සොයා ගැනීමෙන් පසු මෙම කාන්තාව මිගමුව කොචිචකෙඩි වෙන්දේශි වත්තේදී අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිිරිපත් කරිමෙන් පසු 25 දින දක්වා රක්ෂිත බන්දනා ගාර ගත කොට ඇති බව පොලීසිය පැවසීය
සිද්දියට සම්බන්ද ප්‍රධාන සැක කරුගෙන් ප්‍රශ්ණ කිරිමෙන් පසු සිදූව ප්‍රදේශයේ ප්‍රසිද්ද රෙදිපිලි අලවි සැල් කීපයකින් සැක කරු විකුණා තිබු මිළ අධික ඇදූම් කටිටල් 16000ක් අඩංගු පෙටිටි 54ක් සොයා ගත් බව පොලීසිය කියයි
අනුරාධපුර කොඨටාශ භාර පොලිස් අධිකාරි ආචාර්ය්‍ය අතුල විරසිංහ මහතාගේ උප දෙස් මත සහකාර පොලිස් අධිකාරි 1 එම් සමුද්‍රජිව මහතාගේ අධික්ෂනය යටතේ සිදූව පොලිසියේ ස්ථානාධිපති ආර් ඩි එම් සිරිල් කෙචිචිකෙඩි පොලිසියේ සථානාධිපති එන් ඩි ආර් ජේ ධර්මකීර්ති යන මහත්වරුන්ගේ සහයෙන් හිදෝගම පොලිසියේ ස්ථානධිපති එන් පී කස්තුරිආරචිචි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියන්ත පො සැ 23667 පි්‍රතිරත්න පො කො 33905 විජෙතිලක 75198 දිනේෂ් 549143 නිරොෂන් 72632 කුමාර පො කො රි 19429 ප්‍රේමසිරි යන නිළධාරින් කණ්ඩායම මෙම වැටලීම සිදූ කර තිබුනී
ජායා රුප ඊමෙල් කර ඇත
ප්‍රධාන සැක කරු අලවි කර තිබු සිදූව ප්‍රදේශයේ වෙළද සැලකින් අත් අඩංගුවට ගත් ඇදූම් තොගය සහිත පෙටිටි තොගය ඡායා රුප වලින් දැක්වේ
මිගමුව පියපේම මානික්ක රත්න   –    2016-04-24