රු.කෝටි 23 ක් වැය කරමින් ඇමති ලංසා වැල්ලේ ඉදිකළ පිහිණුම් තටාකය කාටද? සිය පියාටද ?

0
47

beach-prk-1වෙරළ සංසරක්ෂණ නීති පවා නොතකමින් නිමල් ලංසා බස්නාහිර පළාත් සභාවේ සංචාරක ඇමතිවරයාව සිටි සමයේ මීගමුව වෙරළ උද්‍යානය තුල පිහිණුම් තටාකයක් ඉදිකරන්නට යෙදුණි.
එහි පාලනය භාරවුයේ සුපුරුදු පරිදි සිය පියා වෙතය.
පළාත් පාලන නීති ප්‍රකාරව එය හිමිවිය යුත්තේ මීගමුව මහනගර සභාවට වුවත් එහි වැඩ කිමවිමෙන් අනතුරුව එය නගර සභාව හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක් වෙත පැවරුනේ නැත.
එහි පාලනය පැවරුනේ අන් කිසිවෙකුටතවත් නොව ඇමති නිමල් ලංසාගේ පියා වන පිලෙන්ද්‍රන් ලංසා වෙතය.
මහජන මුදල් වැය කරමින් ඉදිකරන්නට යෙදුන මේ පිහිණුම් තටාකය මීගමුවේ කිසිවෙකුටවත් පරිහරණය කිරිමට තවමත් ඉඩක් නැත,
මෙය එහෙම පිටින්ම මුදල් නාස්තියකි.
මේ පිළිබදව බස්නාහිර පළාත් සභා ඇමතිවරයාද නිරුත්තර වන අන්දමේ  ප්‍රශ්ණ කිරිම නියැලුන එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මීගමුව ආසන සංවිධායක රොයිස් විජිත මහතා රටටම හෙළිකර සිටියේ රාජපක්ෂ පාලන සමයේ පළාත් සභා ඇමතිවරයෙක් සිය හිතුවක්කාර තීන්දු ක්‍රියාවට නගා මහජන මුදල් රු කෝටි ගණනක් කබාසිසිනියා කළ අන්දම ගැනය.