රු කෝටි 4 කට පෝර්ට් සිටි අරගලය පාවා දුන් ධිවර සංවිධානයක් භුමිතෙල් සටනට ?

0
109

protesters-2(9.22 pm ) භුමිතෙල් මිළ වැඩිකිරිම එරෙහිව ධිවරයන්ට මුහුදු යන්නට එපා කියමින් ලෙල්ලම වසා විරෝධතා දක්වන්නේ මීගමු ධිරවයන්ගේ දැවැන්ත අරගලයක් රු කෝටි 4 ක මුදලකට පාවාදුන් කණ්ඩායමක් බව මීගමු ධිවරයෝ කියා සිටිති.
ලංසා පවුලේ දේශපාලනය වෙනුවෙන් අටවාගත් මෙම සංවිධානය පසුගිය වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව මීගමුවේ ධිවරයෝ පෙරට පැමිණ සිදුකරන ලද අරගලය පල්ලිය හා එක්ව අවසන් කොට ඒ වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 432 ක් ලබාගෙන එය දැන් ස්ථිර තැන්පතුවක් බවට පත්කරගෙන ඇතැයි මීගමුවේ ක්‍රියාකාරි ධිවර නායකයෝ පවසා සිටිති.