රු 40000 ක් මාසෙට පඩි ගන්න තාත්තා, මිලියන් ගණන් වියදම් කරපු, දුවගේ සුපිරි වෙඩිම අද !!

0
141

jetwing-blue

මීගමුව මහනගර සභාවේ රු 40000 ක් තරම් වු මාසික වැටුපකට හිමිකම් කියන කුප්‍රකට නිළධාරියෙකු සිය දියණියගේ විවාහ මංගල උත්සවය සදහා රු මිලියන 7 කටත් වැඩි මුදලක් වැය කර තිබිම ගැන මීගමුව මහනගර සභා සේවකයන් අතර පසුගිය දින කිපය පුරාම එක් ප්‍රධාන මාතෘකාවක් වි තිබුණි.
මීගමුවේ බදු ගෙවන ජනයාට සේවාවන් සැලසිම සදහා නගර සභාවට ලැබිය යුතු ආදයම් කාලයක් තිස්සේ යටිමඩි ගැසු මේ නිළධාරියා විසින් මීගමුව සංචාරක කලාපයේ හෝටල් වලින් පසුගිය කාලය තුල මිලියන ගණනින් හම්බකරගෙන ඇතැයි යන්න දැන් මුළු මිගමුවේම ප්‍රසිද්ධ රහසකි.
මීගමුව තුල ඩෙංගු වසංගතයන් මෙන් පැතිර ගිය සමයක නිසි ලෙසින් ධුමායන කටයුතු කිරිමට නගර සභාවට මුදල් නැතැයි කියද්දි මෙවන්  නිළධාරින් කොපමණ අදායමක් නගර සභාවට අහිමිකර ඇතිද ?
ඇගලුම් ආයතනයක සේවය කරනු ලබන මේ දි්‍යණියගේ විවාහ මංගල උත්සවය ඇමති දියණියකගේ විවාහ මංගල උත්සවයකට නොදෙවෙනි ලෙසින් අද රාත්‍රියේ මීගමුව ජෙට්වින්ග් බ්ලු හෝටලයේදි පැවැත්වේ.
එක් කෑම පිගානක් සදහා සියලු බදුද සමගින් රු 6000 කට වැඩිවන අතර ආරාධිතයන් ගණන 550 ද  දැන් ඉක්මවා ඇත.
ලංකාවේ අතිසුපිරිතම සංගිත කණ්ඩායමක් අද රාත්‍රියේ  සංගිතය සපයනු ඇත.
මේ  සදහා වැයවන මුදල ලක්ෂ 5 ක් ද ඉක්මවන අතර   ලොකු ගණනින් අයකරනු ලබන ගායක ගායිකාවන් රැසක්ද අද රාත්‍රියේ එක්විමට නියමිතය.
මේ අය අතර භාතිය සන්තුෂ්ද වේ
මේ දියණිය ගැන හෝ  ඇගේ සොදුරු දිනය පිළිබදව අපට කිසිදු ගැටළුවක් ඇත්තේම නැත.එවන් මොහොතක් අතිඋත්කර්ෂයට නැගිමට ඇයට අයිතියක් ඇත්තේමය.
එහෙත් අපට ඇති ගැටළුව වන්නේ මිගමුවේ ජනයාට හිමි විය යුතු ආදායම්  යටිමඩි ගසා හොරපාරවල් වලින් එක් අයෙකු වෙත ගියේ නම් ඒ මුදල් වැය කරමින් මේසා සුපිරි වෙඩිමක් ගැනිම පිළිබදවය.
එහෙත් අප මෙහිදි මතුකරන්නට මේ උත්සාහ ගනිමින් සිටින්නේ පසුගිය රාජපක්ෂ ලංසා පාලනය විසින් මීගමුව ට දායද කරදුන් පතාල සංස්කෘතියත් හොරකම් කිරිමේ කලාවත් උත්කර්ෂයට නංවන ඒක පැහැදිලි නිදසුනක් ලෙසින් මේ අවස්ථාව තේරුම් ගැනිම පහසු කරවිම පමණි.
මේ සුපිරි වෙඩම යනු ලංසාලාගේ මජර පාලනයේ එක් පැහැදිලි හරස් කඩකි.
රුපියල් 40000 ක් මාසික වැටුපකට හිමිකම් කියන අයෙකු ලක්ෂ 70 ක්ද ඉක්මවා දියණියකගේ විවාහ මංගල උත්සවයකට වැයකරන්නේ ඉන් කියැවෙන්නේ කුමක්ද ?
ලංසා පවුල ප්‍රකෝටි ගණනින් හමබ් කර සුපිරි හෝටල් මෙන්ම ඕස්ට්‍රෙලියාවේ ඉඩකඩම් නිවාස මිළට ගනින්දි මේ අයට හොරකම් කිරිමට පිඹුරු පත් සැකසු මීගමුව මහනගර සභාවේ මසකට රුපියල් 40000 මාසික වැටුපක් ලබන සේවකයෙකු  සිය දියණියගේ විවාහ මංගල උත්සවයට රුපියල් මිලියන ගණනින් වැය කිරිම අද අප තේරුම් ගත යුතුව ඇත්තේ ලංසාලාගේ පාලනයෙ පැහැදිලි අස්වැන්නක් ලෙසිනි.
මේ හෙළිදරව් කිරිම විවාහ මංගල උත්සවයක ඔපාදූප නොව මීගමුවේ මහනගර සභාවට ලැබිය යුතු මුදල් රුපියල් මිළියන ගණන් වලින් ගසා කෑ ඒක නිලධාරියෙකු ගැන ප්‍රධානතම සාක්ෂි සටහනකි.
අද රාත්‍රියේ මේ සුපිරි වෙඩිමේ කෑම පිගන්වල වියදම පමණක් ලක්ෂ 33 ක්ද ඉක්මවනු ඇත.සැර බිම සහ අනිකුත් දැ වෙනුවෙන් කියක් නම් වැය වේවිද ?
මේ වෙඩිමේ මංගල ඇරයුම් පතට පමණක් වැය කර ඇති මුදල් රු 1000ක්ද ඉක්මවා ඇත.
අරුමය වන්නේ මේ සියල්ල සිදුවන්නේ යහපාලනය මේ රටතුල ස්ථාපිත කොට වසර 2ක්කද ඉක්මවා ගිය පසුව විම අප තේරුම්ගත යුත්තේ කෙසේද ?

මේ විවාහ මංගල උත්සවයේ free shoot එක සදහා හෙලිකොප්ටර පවා භාවිතා කර තිබුණි. කැමැති අයට  පහත ලින්කුවෙන් ඒ සියල්ල  දැක බලාගත හැක.

https://www.facebook.com/ishara.fonseka.9/photos?lst=829044703%3A100002861745635%3A1509162785&source_ref=pb_friends_tl
( තවත් ජායාරූප සදහා පිවිසෙන්න )

Save

Save

Save

Save

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here