රු 5000 අයදුම් පත දේශපාලනිකරණය කිරිමට යාමෙන් සිදුවුයේ දුප්පතුන්ට සහන ලැබිම පමාවිම පමණි !

0
149

gettyimages-499427880-1024x1024( 9.00 am ) රු 5000 අයදුම් පතට අදාල පසුගිය කාලය තුල ප්‍රාදේශිය දේශපාලකයන් විසින් විවිධාකාර දේශපාලයන් රංගනයන් පවත්වන්නට යෙදුන අතර දැන් ඒ සියල්ල රංගනයන් පමණක් බවට පත්ව තිබේ. ඒ අනුව නුසුදුස්සන් බහුතරයක් පොහොට්ටු ආධාරකරුවන් බහුතරයක් පෙරටු කොට ගෙන සැකසු සියළු අයදුම් පත් දැන් කුණු කූඩයට ගොස් ඇත.
විපත්තිදායක අවස්ථාවලදි ඒ සියල්ල කළමණාකරණය කිරිමේ වගකිම සතුව ඇත්තේ රාජ්‍ය යන්ත්‍රය වෙත යන පණිවිඩය යම් අඩුපාඩු කම් මැද වුව යළිත් සමාජ ගතවි තිබේ.
මේ අනුව ප්‍රාදේශිය දේශපාලකයන්යන් අයදුම් පත් නැටුම දැන් අවසන්ය. ඉන් සිදුව වු හානිය වුයේ දුප්පතුන්ට මේ මුදල ලැබිම තවත් පමාවිම පමණි.
මේ අනුව ග්‍රාම නිළධාරි කොට්ටාශයක සුදුස්සන් ගැන තින්දු කිරිමේ වගකිම ග්‍රාම නිළධාරි, සමෘද්ධි නිළධාරි සහ සංවර්ධන නිළධාරි යන අයට පැවරි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here