රු 5000 බෙදන්න යන ග්‍රාම නිලධාරින්ට සෞඛ්‍ය ආරක්ෂිත පහසුකමක් දෙන්න සල්ලි නැහැලු ?

0
63

corona-web4-825x412දැනට බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන සතියේදි ලිහිල් කරනු ඇතැයි ජනයා බලා සිටිති.
එමෙන්ම රජය විසින් දෙනු ලබන සහන දිමනාවද මේ අතර ඉදිරි දින කිපය තුලදි බෙදාදිමට ග්‍රාම නිළධාරින් විසින් පියවර ගනු ඇත.
මිගමුව තුල පිහිටි බොහොමයක් ග්‍රාම නිළධාරි වසම් තුල 600 කට වඩා වැඩි පිරිසක් මෙම සහන දිමනාව ලබාගැනිමට සුදුසුකම් ලැබ සිටිති,
තතු මෙසේව තිබියදි රජය  විසින්  මේ ග්‍රාම නිළධාරින්ට මෙන්ම ග්‍රාම නිළධාරි කාර්යාලයට එන ජනතාවටද සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ලබාදිමට පියවර ගෙන නැතැයි වාර්ථාවේ.
එයට හේතුව ලෙස පවසා ඇත්තේ ඒ මුදල් නොමැති කම බවද කියැවේ.
සැබැවින්ම මෙය ආවාසනාවන්ත තත්වයකි.
මීගමුව තුල පමණක් පුද්ගලයන් දහස් ගණනක් ඉදිරි දින කිපය තුල මෙසේ ග්‍රාම නිළධාරි කාර්යාල අසල පොදි කනු ඇත.එය විසින් ඇතිකිරිමට නියමිතව ඇති අවදානමට සැබැවින්ම වගකියන්නේ කව්ද ?
මැතිවරණ වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපරිම ලෙසින් භාවිතා කිරිමට මුදල් වැය කළ රජය දැන් මුදල් නැතැයි කිමෙන් ඉතිරිවනු ඇති කුමක්ද ?,
අවදානම පමණි