එහෙත් එය එහෙම පිටින්ම ආණ්ඩුවේ දේශපාලකයන් විසින් සිය මානප තරඟය වෙනුවෙන් සංදර්ශන පවත්වන තැනක් බවට පත්විය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම යළිත් වරක් මේ ගැන අවධානය යොමුකරමින් ලිපියක් නිකුත් කර තිබේ.
එහි මුලික අදහස වි ඇත්තේ ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලනඥයින් රුපියල් 5000 ආධාර ලබාදීමේ වැඩ සටහනින් ඉවත් කරවීමට පියවර ගන්නා ලෙසය
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුත් ආදළ ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් , මුදල් අමාත්‍යාංශ ලේකම් සහ කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර තිබුණි..
මැතිවරණ කොමිෂන් සභාව යලිත් වරක් අවධාරණය කර සිටින්නේ මෙම මූල්‍ය ආධාර ලබාදීම හරහා කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ හෝ අපේක්ෂක ප්රවර්ධනයන් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙසය.