රේල්ලුවට අයිති ඉඩමක තවමත් අනවසර කඩ ??නගරාධිපති නිහඩ ඇයි ?

0
47

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්  මීගමුවේ පිහිටා ඇති   ඉඩමක ගිවිසුම් කොන්දේසි කඩකරමින් මේ වනවිටත් පවත්වාගෙන යන අනවසර වෙළදැසල් ඉවත්කිරීමේ නියෝගය මේ වනවිටත් ඉටුවී නොමැති අතර මෙම වෙළදසැල් ඉවත්කරගන්නා ලෙස මීගමුව මහ නගර සභාවේ කොමසාරිස්වරයා විසින් අවසන් දැන්වීමක් එම වෙළදසැල් හිමියන් වෙත යොමුකර තිබුනේ 2015 වසරේ මැයි මාසයේදිය.
නමුත්   තවමත් ඒ සම්බන්ධයෙන්  කිසිවක් සිදුවී නොමැති අතර එම වෙළද සැල් එම ස්ථානයේම ඒ පරිදිම පවත්වාගෙන යයි.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තවමත් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර මෙම වෙළදසැල් මෙම ස්ථානයේ පවත්වාගෙන යාමට අදාළ කිසිදු බදු ගෙවීමක් , හෝ  අදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ මීගමුව නගර සභාව වෙත ලැබෙන්නේ ද නැත.  night-b