රොයිටර් මාධ්‍යවේදියාට ඇප

0
197

media(2.48pm)  ඊයේ  ( 02)  වනදා මීගමුව මාරිස්ටෙල්ලා ප්‍රාථමික ශාඛාවේදී  පොලීසිය විසින් අත්අඩංගුවට ගත් රොයිටර් පුවත්සේවයේ මාධ්‍යවේදී  සිද්ධික් අහමඩ් ඩානිෂ් මහතා අද මීගමුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.  එහිදී ඔහු වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව මහේස්ත්‍රාත් නිල කාමරයේ දී ඇප මත මුදා නිදහස් කර තිබේ. අහමඩ් ඩානිෂ් මහතා  වෙනුවෙන් ජේ්‍යෂ්ඨ නිතිඥ ගොඩ්ෆ්‍රි කුරේ මහතා සහ නිතිඥ සහන් රාජපක්ෂ  යන මහත්වරුන් පෙනී සිටින ලදී. පසුගිය 21 වනදා ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් ඇතිවූ හදිසි ව්‍යසන තත්ත්වය වාර්තා කිරීමට රොයිටර් පුවත් සේවයේ නියෝජිතයින් 07 දෙනෙකු පමණ  විදේශ  කටයුතු  අමාත්‍යාංශයේ විශේෂ අවසරයක්  ඇතිව ලංකාවට පැමිණ  තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here