මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා අප්‍රේල් 22 වනදා පළාත් සභාමන්ත්රිවරයෙකු ලෙසින් දිව්රුම් දිමට නියමිතය. ඒ තවදුරටත් රැදුම්භාරයේ සිටියදිමය.
මෙම දිවුරුම් දිමේ උත්සවය සදහා රොයිස් විජිත රදවා තබා සිටියදිම මැතිවරණ සටනේ මුළු බර කරට ගනිමින් රොයිස් දිනවිමට වෙහෙස මහන්සි වු පිරිස් මෙම උත්සවට යෑමට දැනටමත් සුදානම් වෙමින් සිටින බවද වාර්ථාවේ.
මේ අතර රොයිස් විජිත දිනවිමට මීගමුව කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වු 11 දෙනාගේ කල්ලිය නමින් කණ්ඩායමක් පිළිබදව පසුගිය දිනක තොරතුරු හෙළිවිය.
මේ 11 දෙනා සිය පුද්ගලික ධනය වැය කරමින් කිසිදු අනාගත පුද්ගලික දේශපාලන වාසියක් නොපතා රොයිස් විජිත දිනවිම සදහා වැඩ කළද නම් වශයෙන් වෙන් වෙන්ව ප්‍රසිද්ධියක් ලැබිමට තමන්ගේ කිසිදු උවමනාවක් නැති බවද පවසා සිටි.
මේ පිරිසේ ඇතැමෙක් තමන් දන්නා තරමින් තින්ත සහ පින්සල් භාවිතා කරමින් තමන් දන්නා අයුරින් අතින් ඇද පෝසටර් අලවා තිබුන අන්දම මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය තුලදි දැකගත හැකිවිය.
ඒ එක් පෝසටරයක සටහන්ව තිබුනේ ”විලංගු දැම්මත් අලියා පෙරහැරේ ”යන්නයි.