රොයිස්ට එරෙහිව සාක්කි ගොනු කරන්න මාස 6 ක් යනතුරුත් පොලිසියට බැරිවෙයි ?

0
87

මීගමුවේ ජුවෙල් ලංකා කොල්ලයේ මහමොලකරු යැයි කියමින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ,මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු යළිත් 2014 ජුලි 14 වෙනදා දක්වා බන්ධනාගාර ගත කර කර ඇත.
පසුගිය පළාත් සභා මැතිවරණ සමයේ මාස 3 ක් තිස්සේ ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ රදවා තබාගැනුනු රොයිස් විජිත මන්ත්‍රිවරයාට එරෙහි ඇති තරම් සාක්ෂි තියෙනවා යැයි කි පොලිසිය පසුගිය කාලයේ හැසුරුනේ ගලඋඩ කැත කළ බළලුන් ලෙසිනි.
ශ්‍රි ලංකා ඉතිහාසයේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩියෙන්ම මහජන පිළිකුලට සහ හාස්‍යයට පාත්‍රවු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සිට මීගමුවේ පොලිස් අධිකාරිවරයා දක්වා පාරාසයක මේ යථාර්ථය පැතිර තිබේ.
අප විසින් පසුගිය දිනකදි ද හෙළිදරව් කළේ මීගමුව පොලිස් අධිකාරිවරයා  මාධ්‍ය හමුවේ හෙළිකරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශක විඩියෝ පටය පවා අප වෙබ් අඩවියේ පළකරමිනි.එහිදි ඔහු විසින් පවසා තිබුනේ ජුවෙල් ලංකා කොල්ලයේ මහමොලකරු සිලි බෑග් එකකට තප්පර ගානක් ඇතුලදි මුහුදු වෙරළින් වැළිපුරවමින් මෙම කොල්ලයට පෙරහුරුවක යෙදෙන  විඩියෝ පටයක් පවා තමන් සතු බවය.
roies 1