රොයිස්ලා ඉගෙනගත යුතු ලංසාගේ පාඩම

0
43

nimal_lansaනිමල් ලංසා මෑත දිනක සිය හිතවතෙකු හට පවසා තිබුනේ මීපුරේ අය ඔහුත් සමගින් මෙතරම් තරහ ඇයිදැයි යනුවෙනි.
අපි දිගින් දිගටම ඔහු පසුපස ලුහුබදිමින් පහර එල්ල කරන බවද ඔහු පවසා තිබුණි,

පළමුව මෙහි සටහන් කළ යුතුව ඇත්තේ නිමල් ලංසා හා අපට කිසිදු පුද්ගලික තරහක් කොහෙත්ම නැති බවය.
නිමල් ලංසා මුලින්ම නගරාධිපති වු සමයේ මීගමුව නගරයේ විධිමත් සංවර්ධන සැලසුම් සකස්කරන්නට අප පුරවැසි එකතුවක් හදා විශාල සහයක පළකළෙමු.
මීගමුව බස්නැවතුම නිර්මාණය කරන ලද  අති දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියා හමුවන්නේ ද මේ පුරවැසි එකතුවේ ප්‍රථිපලයක් ලෙසිනි.
කෙසේ වෙතත් නගර සභාව පවත්වාගෙන යැමට මුලින්ම කළ යුත්තේ මුදල් සෙවිම යැයි යන ප්‍රකාශය නිමල් ලංසාගේ මුවග හැම විටකම රැදුන එකම ප්‍රකාශය විය.
ඒ වෙනුවෙන් රාජපක්ෂ උද්‍යානය බදු දෙමින් ඇරඹි ගමන අද නගර සභාවට මුදල් එකතු කිරිම පැත්තක තිබියදි නිමල් ලංසා ප්‍රමුඛ පවුලේ බුදල් වැඩිකරගැනිම වෙනුවෙන්  යොදවා ඇති අයුරු දැන් රටම දනිති,නිමල් ලංසාගේ නගර සභාවේ සංවර්ධනය දෙසට සිග්නල් දමා ලංසා පුවල දෙසට හැරවු ලංසාව අපිද හැර ගියෙමු.එතැන් පටන් සෑබෑ මාධ්‍යකරුවන්ගේ භුමිකාව මීගමුව තනි කණ්ඩායමක් ලෙසින් ගෙනයමින් පැත්ත ගියත් ඇත්ත කියන්නට පටන් ගතිමු.
අපි මීට වසර 7 පමණ ඉහතදි නොබියව ප්‍රකාශ කරන්නට යෙදුන ඇත්ත ජාතික මාධ්‍යවලින් කථා කරන්නට වසර 7 ගියේය.
ඒ සියල්ල මිට වසර 6 කට ඉහතදි අපි හෙළිකරන්නට යෙදුන කරුණය.
කෙසේ වෙතත් දෙස් විදෙස් ආධාර හා අයෝජනයන්ගේ ප්‍රතිලාභය මිගමුවේ බදු  ගෙවන ජනයා වෙත ලැබෙන ක්‍රමයක් ගොඩ නගනවා වෙනුවෙට ඔහු විසින් ඒ සියළු ප්‍රතිලාභ පවුලක් වෙතට පමණක් හැරවුයේය.
නගර සභාවට වසරකට වෙරළ උද්‍යානයේ රථ ගාලේ සහ වැසිකිලි පද්ධතියේ මුදල් අයකිරිම් පමණක් වු ටෙන්ඩරයට සුළු මුදලක් ගෙවද්දි කිසිදු නිත්‍යාණුකුල පදනමින් තොරව එහි සිටින අසරණ බැලුම් අලෙවිකරුවාගෙන් මෙන්ම අයිස් ක්‍රිම් වැන් එකකින්ද ලක්ෂ ගණනින් මුදල් ගනිමින් මහදවල් හොරකම යෙදෙන්නට සිය පියාට මග සලසා දුන්නේය.
අද මුළු මීගමුව විදවන කුණු ප්‍රශ්ණයට මුල් වු ටෙන්ඩරය ට අදාලව නිමල් ලංසා එදා ගත්තේද බදුගෙවන ජනයාගේ පැත්ත නොවේ.
පළපුරුදු අබාන්ස් ආයතනය විසින් ඉදිරිපත් කර තිබුන මාසික ටෙන්ඩර් ගාස්තුවට වඩා රු එක්ලක්ෂ තිස් දෙදහාක් වැඩියෙන් දක්වා තිබුන ඇක්මි සමාගමට නික්ලස් නම් වු එජාප දේශපාලකයාගේ සමිප සබදතාවක් හේතුවෙන් එජාප නිව්ටන් හෙන්රි පාලනය ක්‍රියාකරද්දි තම පියාට වෙරළ උද්‍යානයේ ටෙන්ඩරය එජාපයෙන් ලබාගත යුතු වු නිසා ඔහු කිසිදු ලැජ්ජාවකින් තොරව බදුගෙවන ජනයා හට වසරකට ලක්ෂ 15 ක පමණ පාඩුවක් ඉතිරිකර දි තාත්තාට  ටෙන්ඩරය ලබාගැනිමට තරම් කුහක විය.
අද මුළු මීගමුවම අර්බුදයට යවා ඇති  ප්‍රමිතියකින් තොර කසල කළමණාකරණය සිදුකරනු ලබන්නේද එදා ඇක්මි නමින් වු අද සෙවන් හිල්ස් යනුවෙන් වන සමාගමයි.
නිමල් ලංදසා දක්ෂ තරුණ දේශපාලකයෙකි.වැඩ පිලිවෙලය.
එහෙත් සිය දේශපාලන අරමුණ අතිශය දුෂ්ටය.
රොයිස්ලා මේ පාඩම් මගනොහැර හොදින් ඉගෙන ගන්නේ නම් පමණක් මීගමුව නගරයේත් රොයිස්ලාගේත් අනාගතය සුරැකෙනු ඇත.