රොයිස් ඉදිරියේ චන්ඩින්ට අදින Media – ලංසලා ඉදිරියේ මීක් නෑ ? මේකද ස්වාධින මාධ්‍ය පිළිවෙත ?

0
61

maxresdefaultපසුගියදා නීතිවිරෝධී තානායමක් ඉවත්කරන ලෙස තලාදූව ගම්වාසීන් විසින් පැවැත්වූ උද්ඝෝෂනයට පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා සහභාගී විය. ඔහු විසින් මාධ්‍ය වෙත කරන ලද අදහස් දැක්වීමේ අවසානයේ මාධ්‍යවේදීයෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් නගමින් විමසා සිටියේ මෙවැනි තානායම් මෙතනින් ඉවත්කර වෙනත් තැන්වල හදනාවට රොයිස් මන්ත්‍රීවරයා එකගද යන්නයි. ඒ සදහා සම්පූර්ණ පිළිතුරක් මන්ත්‍රීවරයාට දීමට නොහැකි වූ අතර කතාව එතනින් අවසන් වූයේ.”මාධ්‍ය ඉතින් බලන්නේ මොකක් හරි කෑල්ලක් අල්ලගන්ඩ නේ ” යනුවෙන් මන්ත්‍රීවරයා  දුන් පිළිතුරෙනි.

මීගමුව නගරයේ වැඩිම හෝටල් ප්‍රමාණයකට හිමිකම් කියන දේශපාලන පවුල මෙන්ම නිතිවිරෝධී ලෙස  මහජන මුදල් සූරාකන දේශපාලකයන් ලෙස ඉහළින් වැජඹෙන නිමල් ලන්සා සහ දයාන් ලංසලාගේ කෙරුම් වල අගිසි වල එල්ලීමට දැන් මීගමුව ජනතාවට සිදුවී තිඛේ – මේ සිදුවන දේ වලට මිගමුව ජනතාවද භාගයට භාගයක් වගකිව යුතුය.  එමෙන්ම සමහර කතෝලික පූජකතුමාන්ලාද වගකිවයුතුය.
නීති විරෝධි සමාජ විරෝධී ක්‍රියාවන් කරමින් මුදල් උපයන දේශපාලනඥයින්ගෙන් ආධාර ලබන සියල්ලන්ම මේ නගරයේ සිදුවන අපචාර වලට අනියමින් වගකිවයුතුය. මේ නගරයේ දූෂිතයින් සතු බලය පරාජය කරන තෙක් (CH) චන්දනලා වැනි  පුද්ගලයින් මෙවැනි සමාජ විරෝධී ක්‍රියා අකුලගන්නේ නැත.
රොයිස් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්නය ඇසූ මාධ්‍යවේදියා ද මේ ජරා දේශපාලකයන් ගැන නිහඩ පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයෙකි.
ඔහු කිසිදිනක නිමල් ලාන්සා ගෙන් හෝ දයාන් ලංසාගෙන් මෙවැනි ප්‍රශ්න අසනවා අප දැක නැත. ඇසිය යුතුම පුද්ගලයන් මගහරිමින් ඔහු රොයිස් විජිතලා ඉදිරියේ තම විරකම් පාති. එසේ  පෑමත් නරකම නැත. ඔහුගේ සෞඛ්‍යට හොදය.   නමුත් ලංසලා ඉදිරියේ නිවටුන් වීම මාධ්‍ය වෘත්තියට හොද නැත. අප නම් සිතන්නේ මාධ්‍ය වෘත්තිය යනු ප්‍රබල අවියක් බවය. එය එසවිය යුත්තේ අභියෝගයක් ඉදිරියේය. නමුත් ඔහු අභියෝගයක් නැති තැන හඩ නැගුවේය. ප්‍රශ්න ඇසීමේ නිදහස මාධ්‍යවේදියාගේ අයිතියකි. එහිදී අපක්ෂපාතීභව ආරක්ෂාකරගැනීම මාධ්‍ය වෘත්තියේ වගකීමකි.


කැලිස්ටස් ද සිල්වා