රොයිස් ප්‍රනාන්දුව උසාවියට ඉදිරිපත් නොකර රදවා ගනි .. ?

0
65

මීගමුවේ ජුවෙල් ලංකා කොල්ලයේ ප්‍රධාන මොළකරු යැයි කියමින් ගම්පහ දිස්ත්‍රික් එජාප පළාත් සභා අපේක්ෂක මීගමුව එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතාව රැදවුම් නියෝග මත පැය 72 ක් සදහා යැයි කියමින් මුලදි රදවා තබාගෙන තිබුනද ඉන් අනතුරුව උසාවියට ඉදිපත් කෙරුනේ නැත.
වාර්ථා වන අන්දමට මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේදි මෙන්ම කටුනායක පොලිසිය තුලද වරින් වර තැන් මාරු කරමින් රදවාගෙන සිටින බව වාර්ථා වේ.
මේ අතර මීගමුවේ නාගරික මන්ත්‍රි මණ්ඩලය පවසා සිටින්නේ තමන් පක්ෂ නායකත්වයද හමුවු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ආණ්ඩුවේ මේ ක්‍රමන්ත්‍රණවලට එරෙහිව ශක්තිමත් ලෙසින් මීගමුවේ මැතිවරණ සටහනට ගෙන යන ලෙස උපදෙස් දුන් බවත්ය.
නිතියට පිටින් පක්ෂග්‍රාහි ලෙසින් ක්‍රියාත්මක සියළු තත්වයන් වලට එරෙහිව අවශ්‍ය නිතිමය මැදිහත්විම් සදහා පක්ෂයේ නිති අංශය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද නාගරික මන්ත්‍රි මණ්ඩලයේ සමාජිකයෙකු මීපුරට පවසා සිටියේය.