රොයිස් විජිතගේ අඩුව පුරවන්න කැලිසන්ට පුළුවන්ද ???

0
103

roies new 1මීගමුව මහනගර සභාවේ විපක්ෂනායක ධුරය පක්ෂයේ මහලේකම් හරහා ලබාගෙන ඇති කැලිසන් ජයකොඩි මහතා පසුගිය කාලය තුල මීගමුව තුල සිදුවු කිසිදු වංචා දුෂණයක් ගැන කිසිදු හඩක් නගපු නැති අයෙක් ලෙස ප්‍රකටය.
ඇමති ලංසා හා කිට්ටු හාද කම් පැවැත්වු ඔහු ආණ්ඩු පක්ෂයේ හුරතලෙකු විම නිසාම පසුගිය වසරේ මුදල් කාරක සභාවේ විපක්ෂ නියෝජිතයා විමේ වාසනාවද හිමිවිය.
කෙසේ වෙතත් මීගමුව ආසන සංවිධායක රොයිස් විජිත මහතා රැදවුම් නියෝග මත රදවා තබාගෙන සිටියදි ඔහුගේ අනුමැතියද නොමැතිව කැලිසන් ජයකොඩි මහතා මේ තනතුරු ලබාගෙන ඇත.
මීගමුවට අද අවශ්‍යව ඇත්තේ මීගමුව ජනතාවගේ සෑබෑ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනි සිටින එමෙන්ම ලංකාවේ අතිශය දුෂිත නගරයක් බඳුව ඇති මීගමුවේ සකලාකාර වංචා දූෂණ හෙළිදරව් කළ හැකි ප්‍රත්තිපත්තිගරුක විපක්ෂ නායකවරයෙකුය.
ඒ අර්ථයෙන් ගත් කළ ඒ සා භාරධුර වගකිමක් සදහා කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා කිසිසේත්ම සුදුස්සෙකු නොවන බව අපගේ අදහසයි.
විපක්ෂනායකධුරය ලැබිමෙන් පසු ඔහු විසින් සිදුකරනු ලබන පළමු කටයුත්ත විය හැක්කේ නගරාධිපතිවරයා හා එක්ව මහජන බදු මුදලින් චීනයේ සංචාරයක නියැලීමය.