රොයිස් විජිතගේ ඇප කොන්දේසි සපුරාලන්නට එජාප ක්‍රියාකාරිහු වෙහෙසෙති..

0
59

roies7මීගමුව අාසනය මෙවර ආණ්ඩුව නිසැකයෙන්ම පරදින්නට ඉඩ ඇති බව මීගමුවේ ශ්‍රිලනිප ඡේෂ්ඨයෝම කථාකරන්නට පටන් ගෙන ඇත.
එහෙත් ආසනය දිනාගැනිම සදහා හොද සටනක් දිමට තමන්ගේ නායකයා කෙසේ හෝ නිදහස් කර ගත යුතුව ඇතැයි මැතිවරණ බිමක සටන් රිද්මය දන්නා එජාප ක්‍රියාකාරින්ගේ විශ්වාසයයි.
.එබැවින් ඒ අය මේ දිනවල ක්‍රියාත්මක වන්නේ රොයිස් විජිතගේ ඇප මුදල් කෙසේ හෝ සාමුහික ප්‍රයත්නයක් තුල එකතුකරගෙන ඉක්මනින් බන්ධනාගාරයෙන් නිදහස් කරගැනිමටය.
මේ අතර බැංකුවේ තැන්පත් කළයුතුව ඇති ලක්ෂ 100 ක  ඇප කොන්දේසිය වෙනුවෙන් දේපලක් ඇපයට තැබිම සදහා අධිකරණයෙන් ඉල්ලිමට සැලසුම් කර ඇතැයිද වාර්ථා වේ.