මංගල පළාත් සභා රැස්විම මෙන්ම පළාත් සභා ප්‍රතිපාදන බෙදාදිමේ උත්සවයද රොයිස් විජිතට තහනම් ?

0
79

පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතගේ පළාත් සභා මංගල ප්‍රතිපාදන සදහා වෙන්වු රු ලක්ෂ 35 ක මුදලින් මීගමුවේ ජනතාව සදහා මහන මැෂින් පාපැදි නිවාස අළුත් වැඩියා කටයුතු සදහා ආධාර ධීවර ආම්පන්න සහ ක්‍රිඩා භාණ්ඩ බෙදා දිම තලාදුව පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි අද සවස පැවැත්විණි.
මෙහිදි අදහස් ඉදිරිපත් කළ නාගරික මන්ත්‍රිවරුන් මෙන්ම මාධ්‍යයට කරුණු කි  පක්ෂ ක්‍රියාකාරින්ද පවසා සිටියේ දැනට බන්ධනගාර ගත කොට ඇති තම සංවිධායකවරයාට ඇප ලබාදිම දිර්ඝ වශයෙන් පමා කරමින් මෙසේ සිරගත කරගෙන සිටිම කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණයක් විය හැකි බවය
.මෙම භාණ්ඩ බෙදාදිම ඒ වෙනුවෙන් සංවිධානය කර තිබුණ චාම් උත්සවයකදි මීගමුව එජාප සංවිධායක සහ බස්නාහිර පලාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාගේ බිරිඳගේ මුලිකත්වයෙන් සිදුවිය.21