රොයිස් විජිතව අත්අඩංගුවට ගත්තු කටාන පොලිසියේ ලොක්කෝ හෙට (ජුලි 17 ) මුහුණ දෙන අභියෝගය ?

0
174

rois -newකිසිදු සාක්ෂියක් නැතිව මීගමුව හිටපු  එ. ජා. ප සංවිධායක රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් කළ වරදක්බව විත්තියේ නීතීඥ වරුණ චන්ද්‍රනාත් වීරසූරිය මහතා එදා  අධිකරණය ඉදිරියෙහි කරුණු දක්වමින් ඉතා අගේට පැහැදිලි කර තිබුණි.
මෙම නඩුව පවරා තිබුනේ පුද්ගලයෙකු පැහැරගෙන යාම කප්පම් ඉල්ලීම වැනි දෑ මත කරන ලද පැමිණිල්ලකට අනුවය. මේ සඳහා ගිනි අවියක් සහ මාංචු කුට්ටමක් භාවිතා කර ඇතිබවත් ප්‍රකාශ විය. නමුත් එම ගිනි අවිය , මාංචු කුට්ටම හෝ වෙනත් කිසිදු සාක්ෂියක් නොමැතිව පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගැනීම වැරැද්දක් බවත් , රොයිස් මහතා මීගමු ප්‍රදේශයේ සිටින වැදගත් පුද්ගලයෙක් බවත් පැහැදිළි කරන ලදී.එසේම මෙය දේශපාලන හස්තයකින් හසුරුවන්නක් බවත් පෙන්වාදෙන ලදී.

මේ අතර විත්තිය වෙනුවෙන් පෙනීසිටිමින් නීතිඥ දන්ත නිරංජන් මහතා ද ප්‍රකාශ කළේ යම් කිසිවෙකුගේ සාක්ෂියක් මත මෙසේ අත්අඩංගුවට ගැනීම වැරැද්දක් බවය. මෙම සාක්ෂිකරුවන්ට පහරදී පොලීසිය බලෙන් ගන්නා ලද සාක්ෂියක් උපයෝගි කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බවද ඔහු එහිදි සදහන් කර තිබුණි.

මේ. ගැන සළකා බැලූ විනිශ්ච්‍යකාර තුමිය මීළඟ නඩු වාරයේදී සාක්ෂි ඉදිරිපත් කර , නීතිපති උපදෙස් ඇතිව නඩුවට ඉදිරිපත් වන ලෙස පැමිණිල්ල වෙත නියෝග කළ අතර 17 වන දින දක්වා නඩුව කල්තබන ලදී.
පසුගියදා අධිකරණය හමුවේ ඉදිරිපත්ව තිබුණි කරුණු සලකා බැලිමේදි සාක්ෂි නැතිවම රොයිස් විජිත අත්අඩංගුවට ගැනිමට කටයුතු සැලැස්විම කිසියම් දේශපාලන කොන්ත්‍රාත්තුවක්ද යන්න ගැන දැන් මිගමුවේ ප්‍රධාන දේශපාලන කවයන් අතර ප්‍රධාන කථාබහක් ලෙස මතුවෙමින් තිබේ.මේ නිසා හෙට දිනයේ කටාන පොලිසියේ ප්‍රධානින් විසින් අධිකරණය වෙත රොයිස් විජිත මහතාව අත්අඩංගුවට ගැනිමට තරම් වන ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබේ.
අදාල ව්‍යාපාරිකයා විසින් කියා සිටින්නේ මේ පැමිණිල්ල මාර්තු මාසයේදි සිදුකරන ලද බවය.එදා පටන් රොයිස් විජිත මාස 3 නකටත් වඩා වැඩි කාලයක් ප්‍රසිද්ධියේ සිය දේශපාලන කටයුතු කරගෙන ගියේය.
මේසේ සාක්ෂි කිසිවක්ද නොමැතිව අත්අඩංගුවට ගැනිම සිදුවන්නේ ජුලි මාසයේදිය.
එබැවින් කටාන පොලිසියේ ප්‍රධානින් හමුවේ බරපතල අභියෝගයක් දැන් පවති.
යහපාලනය මෙරට ස්ථාපිත කරන ලද්දේ විනය ගරුක ස්වාධින පොලිසියක් මේ රට තුල ස්ථාපිත කරලිම සදහාය. එහෙත් තැන තැන සිදුවන දැ ගැන සලකා බලන කල්හි තවමත් ඇත්තේ රාජපක්ෂ පොලිසියදැයි සිතෙන තරමට කටයුතු සිදුවෙමින් තිබේ.
.