රොයිස් විජිත ආණ්ඩුවට යයිද ? පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතගේ පිළිතුර..

1
45

ලංකා ටෲත් බේ අඩවිය විසින් පසුගිය දිනක පුවතත් පළකරමින් පවසා ඇත්තේ ආණ්ඩුව විසින් අපරාධකාරයන් නිදහස් කරමින් පසුව ආණ්ඩුවට ගැනිමට කටයුතු කරගෙන යන බවය.

ඒ පුවත පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව එජාප සංවිධායක ,බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත පවසා සිටියේ තමන්ට එරෙහිව සියළු මාධ්‍ය ක්‍රියාත්මක වු ආකාරය පිලිබදවය.
”ඒ මාධ්‍ය මාෆියාව කලේ මම අහුවෙච්ච වෙලාවේ මේ මඩ ගැහිල්ලම තමයි.නමුත් ඒ අයට මම උත්තර දෙන්න ගියේ නැහැ.
ඒක ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදින්ට කරන අගෞරවයක්.එහම යනවා නම් ඒවා පල කරන්න කලින් මගෙන් අහන්න තිබුනා.මම දෙන උත්තරේ යන්න හිතේ තියාගෙන නෑ කියලා කිව්වත් ඒක ලියන්න කලින් අහන එක තමා එයාලගේ යුතුකම.මේගොල්ලෝ මේ  පණපිටින් ඉන්න මිනිසුන්ව එම්බාම් කරනවා  ඒක හරි වැරදියි.
මම මෙච්චර දුක් විදින්න මෙච්චර කටුක ජීවිතයක් දේශපාලන තලය  තුල ගත කරන්නේ නැහැ මට මෙහෙම යන්න අවශ්‍යනම්.
මම ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේ.මම නිවැරදි දේශපාලනය නිවැරදි නායකයෙක් එක්කලා අපි මේ ඉන්නේ.
ඒ රනිල් වික්‍රමසිංහ.
වංචාව,බොරු කරන්නේ නැති.රට පිළිගත්තා හෝ නැති ඒ ප්‍රතිපත්ති ගරුක නායකයත් එක්ක අපි මේ ඉන්නේ.
මේවා ඇවිල්ලා එක එක්කෙනාගේ චරිත දේශපාලන ගමන විනාශ  කරන පහත් මඩ පස් පිඩැල්ලක් තමා මේයාලා මේ කපලා තියෙන්නේ.
ඉස්සල්ලා කිව්වා සරත් ගුණරත්න ඇප තිබ්බා නිමල් ලාන්සා ඇප තිබ්බා.කෝටිය දුන්නේ නිමල් ලාංසා,ලක්ෂ 10 දුන්නේ සරත් ගුණරත්න මේ වගේ කතා කිව්වා.හැබැයි සමහරවිට ඒගොල්ලෝ මේ ඇපය නියම කරන්න බලපෑම් කලාද කියලත් මගේ හෘද ශාක්ෂියට  හැඟෙනවා මෙහෙම ප්‍රචාරය කරද්දී..”my3 roies 2roies 2