රොයිස් විජිත නැතුව මිගමුව ඉහලින්ම දිනවිම කාවින්දට බැරිවෙන ලකුණු ?

0
96

roies-came--1024x599පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභයට එරෙහිව රටපුරා දැවැන්ත රැල්ලක් මේ වන විට ගොඩනැගෙමින් තිබේ.
එය 2015 දි  රාජපක්ෂ රෙජිමයට වඩා පෙලගැස්මක් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව පෙලගැසෙමින් ඇති ලකුණු දැන් පහලවි හමාරය.
මීගමුව මැතිවරණ ඉතිහාසය තුල දැවැන්තම ජයක් වාර්තා කරන්නට නිමිත වු මැතිවරණයක් වුයේ පසුගිය ජනපතිවරණයයි.
ඒ වැඩි ඡන්ද 30000 ත් ඉක්මවමිනි.
එය මිගමුව මැතිවරණ ඉතිහාසය තුල ථෙිතිහාසික වන්නේ ලංසා පවුල විසින් මුදල් කෝටි ගණනින් වැය කරමින් දැවැන්ත දේශපාලන සටනක් දියත් කොට තිබියදි ඒ සියල්ල පරාජයට පත්කරමින් මේ සුවිශේෂි ජය වාර්ථා කොට තිබිමය.
දැන් යළිත් වටයකින් මීගමුව හමුවේ ඒ අභියෝගය පැවැතුණද එයට 2015 දි මෙන්ම ප්‍රතිචාර දැක්විමට ශක්තිමත් නායකත්වයක් මීගමුවට නොලැබෙමින් තිබිම නිසා ගැටළුකාරි වෙමින් තිබේ.
එය තවත් අර්බුදයක් බවට පත්ව ඇත්තේ ආසන සංවිධායකයා සහ නාගරික මන්ත්‍රි මණ්ඩලය අතර අවබෝධාත්මක සම්බන්ධයක් නොපැවැතිම හේතුවෙනි.
මෙය වඩාත් පැහැදිලි වෙමින් ඇත්තේ රටපුරා එජාප පාක්ෂිකයන් අතර දැවැන්ත උද්යෝගයක් මතුව තිබියදි මිගමුවේදි එය එසේ නොවි තිබිමය.
අද පැවැති ජනපති සටන දියත් කරන උත්සවය සදහා සංවිධායකයගේ ඇරයුම පිළිගනිමින් නාගරික මන්ත්‍රිවරුන් පැමිණ සිටියේ ඉතාමත් අතලොස්සකි.සැබැවින්ම ඒ සංවිධායකවරයා වටේ සිටින සුළු පිරිස පමණි.
එබැවින්ම 2015 දි මෙන්ම ඉහල ජයක් කරා මිගමුව ගෙනයාමට නම් රොයිස් විජිත වැනි ශක්තිමත නායකත්වයක් ඇවැසි මිගමු එජාප ක්‍රියාකාරින්ගේ බලාපොරොත්තුවයි.
ලංසා පවුලේ සල්ලි අධිකාරියට අභියෝග කරමින් එජාප  ක්‍රියාකාරින්  පෙලගැස්විමට එදා රොයිස් විජිත හැකිවුද කාවින්ද ජයවර්ධනට එය කොහෙත්ම කිරිමට නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිලි වෙමින් තිබේ.
මේ පිළිදව මිපුරට අදහස් දැක්වු නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ කාවින්ද ජයවර්ධන හා එක්ව සිටින ඇතැම් බකපණ්ඩිතයන් හා වාචාලයන් සජිත් ප්‍රේමදාසගේ ජනපති සටනත් මිගමුවේදි හැල්ලුවට ලක්කරමින් සිටින බවය.