පසුගිය පළාත් සභා මැතවරණයේදි ඔහුට සිය මැතිවරණ සටන මෙහෙය වන්නට සිදුව තිබුනේ හිරගෙදර සිටය.
එහෙත් මාස ගණන් ලක්ෂ ගණන් වැය කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුන බොහොමයක් අපේක්ෂකයන්ට වඩා මනාප වලින් පෙරමුණට පැමිණ තිබුණි.
පසුගිය ජනාධිපතිවරණ සටනේදිද ඔහුට ක්‍රියාකාරි ලෙසින් මැතිවරණ සටනට එක්වන්නට ඉඩලැබුනේ දින කිපයකට පමණි.
එහෙත් ඔහු මීගමුව ආසනය වැඩි ඡන්ද 28000 කින් ජයගත්තේය,
මෙවරද ඔහුගේ මැතිවරණ සටනට වල කපමින් මඩ ප්‍රහාරයක් එල්ලකරන්නට කටයුතු කෙරුනේ ඔහු රියදුරකු කුඩු වලට සම්බ්න්ධ යැයි පුළුල් ප්‍රචාරයක් ගෙන යමිනි.
මේ සියලු අවලාද මඩ ප්‍රහාර හමුවේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදි මීගමුවට අතිවිශිෂ්ට ජයක් අත්කරදෙමින් වසර 26 කට පසුව මීගමුවේ සෑබෑ හඩ පාර්ලිමේන්තුව තුල නගනු ඇති බව තමන්ට විශ්වාස යැයි අද පිලිගැනිම් උත්සව මාලාවට එක්ව සිටි ක්‍රියාකාරිකයෙකු මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.