රොයිස් විජිත රක්ෂිත බන්ධනාගාරයට. විනිසුරුගෙන් පොලිසියට දොස් ??

0
72

roies new 1මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත්  සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට බස්නාහිර පළාත් සභා ඡන්දයේ සිය දේශපාලන කටයුතු සිදුකරගැනිමට පවා ඉඩ නොතබමින් තෙමසක් තිස්සේ ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ පෑලිගොඩ රදවා තබාගැනිම පැහැදිලි දේශපාලන පළිගැනිමක් බව අධිකරණය තුලදි අවධානයට යොමුව තිබුණි..
රොයිස් විජිත වෙනුවෙන් ඉදිරිපත් ව සිටි නිතිඥවරුන්  අවධාරණය කර තිබුනේ තෙමසක් යනතුරුත් ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ රොයිස් විජිත රදවා තබාගැනිමට හේතු කාරණා වු කිසිවක් ඉදිරිපත් කිරිමට පොලිසිය අපොහොසත්ව ඇති බවකි.
එමෙන්ම කිසිදු උසස් පොලිස් නිළධාරියෙකු ඊයේ දිනයේදි මේ නඩුවට  නොපැමිණි සිටිම පිළිබදවද විනිසුරුවරයා දොස් පවරා තිබුණි.
පොලිසිය වෙනුවෙන්  පැමිණ තිබුනේ පොලිස් කොස්තාපල්වරයෙකු පමණි.
ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ වු තහනම් නියෝගය ඊයෙන් අවසන් වු අතර  මේ මස 30 වනදා දක්වා පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.