රොෂෙන් ඝාතනය කර මාස 6 යයි

0
112

පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප පිළිබද නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ විරෝධයට ඉතා නින්දිත ආකාරයෙන් පහර එල්ල කළ පොලිසිය විසින් රෝෂෙන් චානකගේ ජිවිතය බිලගෙන තවත් සිය ගණනකට තුවාල සිදු  කර තිබුණි.

2011 මැයි 30ද දා එල්ල කරන ලද වෙඩිප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි රොෂෙන් ජුනි 01 වනදා රාගම රෝහලේදි  මිය ගියේය.ඔහුගේ මළ ගෙදර කටයුතු පවා සිදුවුයේ රජයේ බරපතල සිමා කිරිම් මැද්දේය.දෙමව්පියන් ඇතුළු පවුලේ අන් අය වෙතට ද මේ භිෂණය මුදා හැර තිබුණි.මේ මර්ධනය හමුවේ නිදහස් වෙළද කලාප කම්කරුවන් කිසිදු සංවිධානාත්මක විරෝධයකට මුල පුරා නොතිබුනද ,රොෂෙන්ගේ තෙමස් සැමරුම දා කම්කරුවන් යළිත් විදි බැස සිය විරෝධය මුදා හලේය.Roshen protest Dec 01 st1.jpg 31Roshen protest Dec 01 st

එතැන් පටන් සෑම මසකම 1 වනදා නිදහස් වෙළද කලාපයේ පොලිසිය ඉදිරිපිට වටරවුමේ පැය 2කක් පුරාවට නිහඩ විරෝධයක් ප්‍ර දේශයේ සිවිල් සංවිධාන  සහ ආගමික නායකයන්ගේද දායකත්වයෙන් පැවත්විණි.

2011 දෙසැම්බර් 01 වනදා රොෂෙන් ඝාතනය කර මාස 6 ක් පිරෙන දා සවස 4 සිට 6 දක්වා මේ නිහඩ විරෝධතාව පැවත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here