රොෂෙන් චානක වෙනුවෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා උද්ඝෝෂණයක්

0
286
P11303351
රොෂේන් වෙනුවෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා උද්ඝෝෂණයක්

2011 වසරේ  මැයි 30 වනදා   නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් විසින් විරෝධතාවක් දියත් කරන ලද්දේ වත්මන් රජය විසින් සම්මත කරගන්නට උත්සාහ දැරෑ පෙෘද්ගලික විශ්‍රාම වැටුප් පනත විසින් උදුරාගන්නට නියමිතව තිබූ ඔවුන්ගේ අර්ථසාධක බේරාගැනීම වෙනුවෙනි. මෙම විරෝධතාවය මැඩපැවැත්වීම සදහා දරැණු ලෙස පොලිස් ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී විශාල සංඛ්‍යාවක් සේවක සේවිකාවන් බරපතල ලෙස  තුවාල ලැබීය. එමෙන්ම සිදුකරන ලද පොලිස් වෙඩි ප්‍රහාර වලින්  රොෂන් චානක නමැති කම්කරැවා මිය ගිය  අතර තවත් කම්කරැවන් කීපදෙනෙකුට බරපතල ලෙස ආබාධිත තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදුවිය.
වෙඩි වැදීම නිසා රොෂේන්  චානක  මැයි 30 වනදා මිය ගිය අතර රජය විසින් එම පනත හකුලාගන්නට කටයුතු සිදුකරන ලදී. මියගිය රොෂේන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ස්වාධිනව සිදුකිරීමට නොහැකිවු අතර රජය දැඩි බලපෑම් මත  කම්කරැවන්ගේ සහ දේශපාලන කොටස් වෙතින් එල්ලවන්නට නියමිතව තිබූ විරෝධතාවය හමුදාව සහ  කතෝලික පල්ලියේ දායකත්වය ලබාගනිමින් මැඩපවත්වන ලදී. ඔහුගේ අවමංගල්‍ය කටයුතු  සදහා  මූල්‍යමය අනුග්‍රහය රජය දැරැ අතර   ව්‍යාජ ප්‍රචාරනයක්ද  රජයේ මාධ්‍ය විසින් ගෙන යන ලදී. නමුත් රජය විසින් ප්‍රමාණවත් වන්දියක් ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ අයට ලබාදී නොමැත.
මසකට වරක් 01 වනදා පවත්වන මෙම විරෝධතාවය අදත් කටුනායකඇවරිවත්ත පොලීසිය ඉදිරිපටදී පැවැත්වූයේ,
පොලීසිය විසින් සිදුකළ එම කෲර ප‍්‍රහාරයට එරෙහිවත්, රෙෂේන්ගේ මරණය සම්බන්ධව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසටත්, රොෂේන් මරණය සම්බන්ධව රුපියල් ලක්ෂ 50 ක වන්දියක් පිරිනමන ලෙසත්, මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරයෙන් තුවාල ලැබු අනෙකුත් සේවකයන් හට සාධාරණ වන්දියක් ගෙවන ලෙසත්, මෙම ප‍්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට ජනාධිපති විසින් පත්කළ මහානාම තිලකරත්න වාර්තාව ප‍්‍රසිද්ධ කරන ලෙසත් බලකිරීම සදහාය. මෙම විරෝධතාවය සදහා සිවිල් සංවිධාන, වාත්තීය සමිති සහ රොෂේන් චානකගේ පවුලේ සාමාජිනකයින්ද සහභාගී වූහ.P1130339P1130334
P1130340

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here