රොහින්ග්‍යා ජන සංහාරය ගැන සුචී නිහඩතාවය බිදී..

0
119

Myanmar-News-Headline-Story-Today-Aung-San-Suu-Kyi

මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදයට එරට පාපලක පක්ෂ නායික වන නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචී විසින් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුනොකරන බවට ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනාවන්ට පිලිතුරු සපයමින් ඇය විසින් ප්‍රකාශයක් නිකුත් කොට ඇත. රඛයින් ප්‍රාන්තයේ  ජිවත් වන සියලු දෙනාටම රජය විසින් ආරක්ෂාව සපයන බවටයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

ගැටුම් පිලිබද පැතිරයන්නේ “දැවැන්ත අයිස් කුට්ටියක්  බඳු අව්‍යාජ පුවත්” වැනි පුවතක් බවත් ඒ නිසාවෙන් ත්‍රස්තවාදීන්ගේ අවශ්‍යතාවන් ඉටුවන බවත් ඇය විසින් චෝදනා කර ඇතැයි වාර්ථා වේ.

කෙසේ වෙතත මේ වන විට මියන්මාරයෙන් පලාගිය රොහින්ග්‍යා ජනතාවගෙන් බංගලාදේශයේ සරණාගත කදවුරු පිරී ඉතිරීගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශය පසුගිය සදුදා(4) දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇති අතර එම කදවුරුවල මේ වන විට 73,000ක් පමණ සරණාගතයින් රැකවරණය ලබමින් සිටින බවත් පවසා ඇත. එම පිරිසෙන් බොහෝ දෙනෙක් කුසගින්නෙන් හා දුර්වල කායික තත්වයන්ගෙන් පීඩා විදින බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශය වැඩිදරටත් ප්‍රකාශ කර ඇත.

ඒ අතරම එක්සත් ජාතීන්ගේ වාර්ථාවන්ට අනුව මේ වන විට රොහින්ග්‍යා වැසියන් 1,23,000 වඩා වැඩි ප්‍රමාණයක් බංග්ලාදේශය බංගලාදේශයට පලාගොස් ඇත.

රොහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සිදුවන ජන සංහාරයට වැරදිකරු වශයෙන් අවුන් සාන් සුචී යුධ අධිකරණයට ගෙන යා යුතුයැයි වන පෙත්සමක්ද මේ වන විට ඉදිරිපත්වී ඇති අතර එයට අත්සන් තැබීම මියුමින් බිලිවර් නම් සංවිධාන විසින් සිදු කරනු ලබන බව වාර්ථා වන අතර මේ වන විට එම පෙත්සම සදහා අත්සන් ලක්ෂ දෙකකකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවද වාර්ථා වේ.