රෝගියාව මෝචරියට අරන් ගියේ දොස්තරද..? මාධ්‍යවේදියාද ..?

0
182

මිගමුවවේදි දියවැඩියාව රෝගයෙන් පෙළුන රෝගියෙකු පසුගිය 9 වනදා අලුයම මිගමුව රෝහලට රැගෙන විත් තිබුණ අතර මුලික ප්‍රතිකාර ඒකකය තුලදි යම් පමාවකින් පසුව රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරයාගේ නිගමනය වි තිබුනේ රෝගියා මිය ගොස් ඇති බවය.
ඒ අනුව මෘත ශරිරාගාරයට යැවිම සදහා අවැසි කටයුතු කිරිමට පවුලේ අයව වෛද්‍යවරයා විසින් රෝහල් පොලිසිය වෙත යොමුකර තිබේ.
රෝගියාගේ බිරිද සිය සැමියා මිය ගොස් ඇතැයි වෛද්‍යවරයා නිගමනය කර ඇති බව දැනගන්නේ රෝහල් පොලිසියෙනි.
එයද සැබැවින්ම අරුමයකි.

රෝගියාගේ බිරිඳ ..


රෝහල් පොලිසියේ දැනුම් දිමෙන් පසුව ඇඩු කදුලින් යළිත් මුලික ප්‍රතිකාර ඒකකය වෙත දිව ආ රෝගියාගේ බිරිද ඒ වන විටත් පොලිතින් එකකින් වසා දමා තිබුන සිය සැමියා මුණ අතගාමින් අඬා වැටෙන්නවිය . එහිදි ඇයට දැක ගත හැකි වුයේ සිය සැමියාට තවමත් පණ ඇති බවය.

වෛද්‍යවරුන්ට වහා මේ ගැන දැනුම් දිමත් සමගින් කඩිනමින් ප්‍රතිකාර ලැබුනි.රුධිරයේ සීනි මට්ටම බරපතල ලෙසින් අඩුවිම තිබිම හේතුකොට ගෙන ඒ සදහා ප්‍රතිකාර කඩිනමින් ලැබුන විගස විනාඩි කිපයක් තුල පියවි සිහිය ලැබුන පසු 4 වෙනි වාට්ටුවට නේවාසික ප්‍රතිකාර සදහා යොමුකර තිබුණි.
45 වියැති ඇලෙක්සැන්ඩර් සිල්වා තිදරු පියෙකි

This image has an empty alt attribute; its file name is ඇලෙක්සැන්ඩර්-1024x767.jpg



මේ සියල්ල සිදුවන්නේ මිගමුව රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකය තුලදිය.
එහෙත් මේ පුවත ඉතාමන් නිහින ලෙසින් වැරදි සහගතව වාර්තා කළ ඇතැම් මාධ්‍ය ආයතනවල අදාල මාධ්‍යවේදින් විසින් අදාල රෝගියාව මෝචරියට ගෙන ගොස් තිබුන අයුරින් පුවත් පළකර තිබුණ අතර ඔවුන්ට අනුව එම රෝගියාට යළි පණ එන්නේ මෝචරිය තුලදිය.
රෝහලේ වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල මත සිදුව බරපතල වැරැද්ද තවදුරටත් මුලික ප්‍රතිකාර ඒකක තුල පවතිද්දි ආචාර ධර්ම හේ මුලික ප්‍රවෘත්ති වාර්තාකරණ නිතියවත් නොදන්න මාධ්‍යකාරයන් පිරිසක් විසින් රෝගියාව ඔවුන් ජඩ මාධ්‍ය හරහා මෝචරියටද ඇතුලත් කර තිබේ.දැනට වාර්තා වන අන්දම මිගමුවෙන් මේ පුවත වැරදි ලෙස මාධ්‍ය ආයතන වෙත යවා ඇත්තේ මාධ්‍යවේදින් දෙනෙකු විසිනි.
ඒක් අයෙකු මුද්‍රිත මාධ්‍යවලටද අනෙක් කෙනා විද්‍යුත් මාධ්‍යවලට මේ පුවත කලින් යවා තිබුණි. සැබැවින්ම ඒ කරුණු හරි හැටි නොදැනය .
රාජපක්ෂ පාලනය අසත්‍ය පුවත් ගැන කියමින් දැවැන්ත මාධ්‍ය මර්ධනයට අරඅදිමින් සිටි. ඒ වෙනුවෙන් වන අලුත් පණතක් මේ මස 19 වෙනිදාට කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කිරිමටද නියමිතය.
මේ උත්සාහයන් පරාජය කිරිමට එක්විය හැක්කේ ආචාර්ධාර්මික මාධ්‍ය භාවිතාවක සිටින අයට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here