මිගමුව රෝහලේ 5 වාට්ටුවේ රෝගියෙකු පසුගිය අඟහරුවාදා මියගොස් තිබුනේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරිමේ ශල්‍යකර්මයකින් පසුවය.
ඇය 57 වියැති කටුනේරිය ප්‍රදේශයේ අයෙකි.
ශල්‍යකර්මය සිදුකරන ලද වෛද්‍යවරයාගේ නොසැලිල්ල මේ මරණයට හේතුව බවට මිය ගිය රෝගියාගේ පවුලේ අය චෝදනා කර සිටිති.
මේ ශල්‍යකර්ම කර්මය අතරතුර ප්‍රධාන ශළ්‍ය වෛද්‍යවරයා මුළු කාලය පුරාම එහි රැදි සිටියේද යන ගැටලුවක්ද මතුව තිබේ.
අදාල ශල්‍යකර්මයෙන් පසුව රෝගියා පවසා තිබුනේ හුස්ම ගැනිමේ අපහසුතාවයක් පවතින බවය.
එසේ තිබියදිත් රෝගියාව වාට්ටුවට එවා ඇත.පසුව රෝගියා 5 වාට්ටුව තුලදිම මිය ගොස් තිබේ.
සැබැවින්ම මෙය වෛද්‍ය නොසැලකිල්ල නිසා සිදුව තිබුන බවට දැනටමත් එල්ල වි ඇති චෝදනාවට සාධාරණ පදනමක් ඇති බව ඉතා පැහැදිලියි.
බේරාගත හැකිව තිබුන ජිවිතයක් මේ ආකාරයට මිය යන තැනට කටයුතු සිදුව තිබිම සැබැවින්ම අවාසනාවන්ත තත්වයකි.
මේ ආකාරයටම මාස පහකට පමණද පෙරද 5 වාට්ටුවේදිම තවත් මරණයක් සිදුව තිබුනේද මේ ශල්‍ය වෛද්‍යවරයාගේම නොසැලකිල්ල නිසාවෙන් බවද කියැවේ.
හැමෝටම හැම විටම බැන වදිමින් නොරිස්සුම් ලෙසින් හැසිරෙන මෙම වෛද්‍යවරයා නිසා මේ වාට්ටුවේම සිටි සිමාවාසික වෛද්‍යවරයකු ද රෝහල පවා අතහැර ගොස් තිබුන බවද රෝහල් ආරාංචි මාර්ග දක්වා සිටි.
වෛද්‍ය නොසැලකිල්ල යන කරුණ නිසාම කලක් ඉතාමත් අපකිර්තිමත් නමක් පටපැදි තිබුන මිගමුව රෝහල යළිත් ඒ තත්වයට පත්විමට ඉඩ නොදිය යුතුව තිබේ.