රෝගීන්ට සුභ ආරංචියක් ! මීගමුව රෝහලටත් දැන් E E G යන්ත්‍රයක් !

0
347

IMG-20190911-WA0005(4.40pm )මීගමුව  රෝහලට  මෙපමණ  කලක්    පරීක්ෂණ   කටයුතු   සඳහා  අඩුවක්වී  තිබුණු  E E G නම්වූ  යන්ත්‍රයක්  පසුගිය  දිනවල   රෝහලට  ලබාගැනීමට  හැකිවී  ඇත.  මෙම  උපකරණය  මගින්  සිදුකෙරෙන්නේ  මිනිස්  සිරුරේ  හිස  කොටස  පරීක්ෂා කර  බැලීමයි.  තාවකාලික  ස්ථානයක  දැනටමත්  මෙම  උපකරණය  යොදා ගනිමින්  ප්‍රතිකාර  කරන බව  මෙම  යන්ත්‍රය  භාරව  කටයුතු  කරන  ජයනි  චතුරිකා  ලියනගේ  මහත්මිය  අප  සමඟ  පැවසීය.  විද්‍යුත්  නිකර්පන  රේඛන  ශිල්පිනිය    ලෙස  ඇය  සිදුකරන  මෙම  කාර්්‍ය  හඳුන්වන  අතර  මේ  සඳහා  හිස  පිළිබඳව  විශේෂඥ  වෛද්‍යවරයෙකුද  ඇත.  ජයනි  මහත්මිය  ප්‍රකාශ කරන  ආකාරයට  මෙය  අදාල  රෝගීන්ට  විශාල  සහනයක්  ලබාදෙන  කාරණයකි.  පිටස්තර  රෝහලකින්  මෙම  පරීක්ෂණය  කර ගන්නේ නම්  දින  වෙන්කර ගැනීමට  සිදුවේ.  එසේම  ඒ  සඳහා  දින  තුනක්  යායුතුව  ඇත,  ඒ  සඳහා  AMBULANCE  අවශ්‍යවේ.  මෙහිදී  කාලය  සහ  මුදල්  වියදම  ආදිය  ගත්විට  මෙය  ජනතාවට  මහඟු  සේවාවක්  සපයන්නකි.  මෙම  උපකරණයෙන්  පරීක්ෂණ  කටයුතු   කළ  මාසයක්  වැනි  පසුගිය  කාලය  තුළ  රෝගීන්  84  දෙනෙකුගේ   පරීක්ෂණ  සිදුකිරීමට  හැකිවූ  බව   ජයනි  මහත්මිය  ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය   රෝහල්  අධ්‍යක්ෂක  මහේන්ද්‍ර  මහතාගේ  මැදිහත්වීමෙන්   මේ  සදහා  ස්ථිර  ස්ථානයක්   සූදානම්  කර  දුන්  පසුව  එකී  ස්ථානය  සුදුසු  පරිදි  සකස් කිරීමට  දායකත්වය  දෙන්නේ  අයන්  ටෙක්ස්  ආයතනයයි.  මෙම  ආයතනයේ  අධිපති  නලින්  මහතා  විසින්  මේ  සඳහා  මුදල්  වැය  කරමින්  කර  ඇත්තේ  මහඟු  සේවාවකි.

Virus-free. www.avast.co