රෝගීන් බැලීමට එන අමුත්තන්ටත්, බාහිර රෝගීන්ටත් මුලික පහසුකමක් හෝ සපයා නැති මීගමුව රෝහල.

0
99

මීගමුව රෝහල ගම්පහ දිස්තී‍්‍රක්යේ වැදගත් හා ප‍්‍රධාන නගරයක ස්ථාපිත වීම නිසා ඈත ගම් වලින් පවා නේවාසික රෝගීන් බැලීමට වැඩි පිරිසක් මෙම රෝහලට දිනපතාම පැමිණේ.

කුලියාපිටිය, ගිරිඋල්ල, බඩල්ගම, මාදම්පේ , නාත්තන්ඩිය වැනි දුර බැහැර ප‍්‍රදේශ වලින් පවා මීගමු රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා තම රෝගීන්ව බැලීමට එන වැඩි පිරිසක් දහවල් රෝගීන් බලන වේලාවේද තම රෝගියා බලා ආපසු සවස 5.00 ට රෝගීන් බලන වේලාවටද තම රෝගීන් බලා යැමට පෙළඹී තිබේ. එලෙස පැය කිහිපයක් රැු`දී සිටින අමුත්තන් හා රෝගීන් බැලීමට කල් තියා පැමිණෙන අමුත්තන් වෙනුවෙන් දිවංගත ජෙයරාජ් ප‍්‍රනාන්දුප්ල්ලේ අමාත්‍යවරයා විසින් අමුත්න්ගේ ශාලාවක් ඉදි කර තිබිිණි.

එහෙත් මේ වන විට එම අමුත්න්ගේ ශාලාව රෝහලේ ආපන ශාලාවේ මු`ඵතැන්ගෙය බවට පත් වී බොහෝ කල්ය. එහෙත් පසුගිය කාලයේ රෝහලේ වැඩ බැලූ වෛද්‍ය අධිකාරීවරුන්  කිහිප දෙනෙකුගේ ම පරිපාලනයන් වලදී ද එක්කෝ රෝහලේ ආපන ශාලාවේ මු`ඵතැන්ගෙය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිමට හෝ අමුත්තන්ට වෙනත් තැනක ශාලාවක් ඉදිකර දීමට හෝ කිසිදු පියවරක් ගෙන නොමැතිවීම කනගාටුදායක තත්වයකි. සමහර වැසි සහිත දිනවලදී එලෙස රෝගීන් බැලීමට එන සමහර අය රෝහලේ ඉදිරිපස ගොඩනැගිලි  ආශී‍්‍රතව වැස්සේ තෙමෙමින් සිටිනු අයුරු දැක ගත හැකිය.  එලෙසම සමහර අව් රශ්මිය තදින් ඇති දිනවලද සමහර පිරිස් රෝහල් පරි‍්‍රයේ එළිමහනේ පැය ගනනක් තද අවු රශ්මියේ කිසිවක් කර කියා ගත නොහැකිව සිටුනු දක්නට ලැබේ. එමෙන්ම මෙලෙස පැමිණෙන අමුත්තන්ට හදිසියෝ හෝ මල පහ කිීරීමට වැසිකිලියක් හෝ ස්ථාපිත කර වෙන් කර නොතිබීම විශේෂයෙන් ස`දහන් කල හැකි අඩුපාඩුවකි. එලෙසම එලෙස පැමිණෙන අමුත්න්ට මුහුණ සේදීමටත්, බීමටත් ජලය ලබා ගැනීමට විධිමත් ලෙස සකස් කල පොදු ජල කරාමයක් නොමැතිවීම ද රෝහලේ ඇති තවත් අඩුපාඩුවකි. රෝගීන් බැලීමට එන අයට පිපාසයක් දැනුන ව්ට බීමට ජලය ලබා ගත හැකි වන්නේ රෝහලේ ආපන ශාලාවෙන් පමනී. ආපන ශාලවේ වැඩි පිරිසක් රැු`දී සිටින විට බාහිරව යන අයට එයින් ජලය ලබා ගැනීමට බාධා ඇති වේ.

රෝහල් පරිශ‍්‍රයේ බාහිර ව වැසිකලියක් හෝ විධිමත් පොදු ජල කරාමයක් නොමැතිවිමේ අඩුපාඩුවෙන් අපසහුතාවයට පත් වන්නේ රෝගීන් බැලීමට පැමිනෙන අමුත්තන් පමනක්ම නොවේ. රෝහලට දිනපතා බාහිර රෝගී අංශයෙන් ( ප‍්‍රතිකාර ගැනීමට පැමිනෙන රෝගීන්ද,  එලෙසම සායන වලින් ප‍්‍රතිකාර ගැනීමට පැමිනෙන,  දහස් සංඛ්‍යාත රෝගීන්ද මේ නිසා දැඩි සේ පී`ඩා වි`දී.

මීට වසර කිහිපයකට පෙර  රෝහලට පැමිනෙන බාහිර රෝගීන්ටත් ,  රෝගීන් බැලීමට පැමිනෙන අමුත්තන් ස`දහාත් රෝහල් ආපන ශාලාව පිටුපස වැසිකිලියක් තනා තිබිණි. එහෙත් පසුගිය කලයේ රෝහලේ වැඩ බැලූ වෛද්‍ය අධිකාරිවරයෙකු වූ ඇන්ටන් තිසේරා මහතාගේ නියමයෙන් එම වැසිකිලිය කඩා දමන ලදී.  කඩා දමන ලද වැසිකලිය වෙනුවට වෙනත් ස්ථානයක වැසිකිලියක් ඉදිකිරීමට එම වෛද්‍ය අධිකාරිවරයා හෝ ඉන් පසු පැමිණුන වෛද්‍ය අධිකාරීවරයෙකු හෝ කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැත. විශේෂයෙන්ම සායන ස`දහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් ෙඖෂධාගාරය ආශී‍්‍රත ස්ථානයක  වැසිකිලියක් මෙන්ම විධිමත් පොදු ජල කරාමයක් තිබීම අත්‍යාවශ්‍ය බව බාහිර රෝගීන් වැඩි දෙනෙකුගේ අදහසයි. අමුත්න්ගේ ශාලාවක් සහ බාහිර වැසිකලියක් හා පොදු ජල කරාමයක අවශ්‍යතාවය ඉක්මනින්ම   සපුරාගත නොහැකි වුවහොත්   රෝගීන් බැලීමට එන අමුත්තන්ටත්, බාහිර රෝගීන්ටත් අත්‍යාවශ්‍ය මුලික පහසුකමක් හෝ සපයා නැති ලංකාවේ  එකම ප‍්‍රධාන රෝහල බවට මීගමු රෝහල පත්වීම වැලැක්විය නොහැකි වනු ඇත. මෙය සිය`ඵ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවධානයට ලක් වේවා.