රෝමියෝ ජුලියට් ගේ නගරයේදී පුපුරා සුන් වූ ප්‍රේමයේ සිහිනය………

0
103

verona 1verona 2verona 3බලන්න යාලුවනේ ජිවිතය කොතරම් කුරිරුද …………. රෝමියෝ ජුලියට් ගේ නගරයේදී පුපුරා සුන් වූ ප්‍රේමයේ සිහිනය මොහොතක් වත් එකිනෙකා නොදක සිටීමට බැරි තරම් ප්‍රේමයකින් ඔවුන් බැඳී සිටියෝය . වඩා සුන්දර ජීවිතයක සිහින දකිමින් ඉතාලි ආ ඔවුන්ට තමන්ගේම ලෝකයක තනි වන්නට අවැසි සියල්ල නොඅඩුව තිබිණි .රෝමියෝ ජුලියට් වෙසෙන වෙරෝනා නගරය ඔවුන්ගේ ප්‍රේමයේ තෝතැන්න විය දෙදෙනාට හොඳ මිතුරන් කැලක් සිටීම නිසා යෞවනයේ චමත්කාරය විඳ ගන්නට හැකිවිය තම මිතුරු මිතුරියන් දරුවන් ලබන විට දෙදෙනා වහෙස වී ඔවුනට උපකාර කලෝය ගිය වසරේ වසන්තය අවසානයේ ඔවුන්ගේ සිහින මල් පල දරන කාළය එළැඹිණි දිලුශාට කුළුඳුල් දරුවා පිළිසිඳ ගත් දා සිට නිලංකට ඉස්පාසුවක් නොවීය .පුතෙකු වුවත් , දුවක වුවත් , ඒ දරු පැටියා දකින දවස එනතෙක් දෙදෙනා අතැඟිලි ගැන්නෝය දෙදෙනා එක්වී දරුවාට තබන නම පිළිබඳව නොයෙක්වර කතා කලෝය . ඇඳුම් පොඩි මසමින් ,අවශ්‍ය දෑ එක්රැස් කරමින් බොහෝ සිහින මැව්වෝය ලුණුවිල බන්ඩිරිප්පුවේ නෑදෑයින්ද , වෙරෝනාවේ මොන්තොරියෝ අසල හිත මිතුරන්ද ආදරයෙන් බලා සිටියේ ඒ දරුවා දකින දිනයයි වෙරෝනා නගරයේ සියලු පහසුකම් සහිත රෝහලක් ද තිබීම ඔවුනට අස්වැසිල්ලක් විය මාස කිහිපයක් ගතවනවිට දැනෙන සාමාන්‍ය වේදනාවට වඩා දරුණු උදරයේ වේදනාවක් නිසා දිලුශාව රෝහල් ගතකෙරිණි සිදුවුයේ අහස පොලොව නුහුසුලන විපතකි කුළුඳුල් දරු පැටියා සමග තම ආදරණීය බිරිඳ ගෙදර රැගෙන යන්නට පෙරුම්පිරූ තරුණ නිලංකට ලැබුනේ දිලුෂා ජීවන්තිගේ ප්‍රාණය නිරුද්ධ වූ නිසල දේහයයි ගර්භාෂයෙන් පිටත පැලෝපීය නාලයේ හටගත් දරු ගැබ මෝරා පුපුරා යාමෙන් ඇය මිය ගියාය මේ තරම් දියුණු ලෝකයක මේ විපත කලින් නොදැකීම සැබවින්ම අවාසනාවකි අද සවස වෙරෝනා බොර්ගෝ ත්රෙන්තෝ රෝහල් දෙව්මැදුරේදී සිය ගණනක් තරුණ තරුණියෝ කඳුළු වගුරන්නට වුයේ ඒ ප්‍රේමයේ මළගම වෙනුවෙනි පටු ඇඳක් මත තබා තිබු දිලුශාගේ දේහය , ඇය පන පිටින් සිටියා වැන්න දහස් වර සිප වැළඳ ගත් තම ආදරියගේ සිරුර මත සුදු රෝස මලක් තබා , ඇගේ සුරත අවසන් වතාවට අල්ලා ගත් නිලංක ජීවිතයේ සියලු බලාපොරොත්තු කඳුලින් දියකර හැරියේය . ඈ කොහේ හෝ සිට ඒ ආදරයේ තරම බලා සිටින්නට ඇත . පියෙකු වන්නට පෙරුම්පිරූ ඔහුට ආදරණීය බිරිඳද අහිමි කළ දෛවය කෙතරම් කුරිරුද ?
Photo Credit & Story.. sithtv.com