රෝයි ඔප්ටිකල් වෙතින් කුරණට සමාජ සත්කාරයක්

0
127

1

මීගමුවේ රෝයි ඔප්ටිකල් ආයතනය සම්බන්ධීකරනය කළ සමාජ සද්කාරක වැඩසටහනක් පසුගියදා කුරණ සාන්ත ආනා දේවස්ථානයේදී පැවැත්විණි.මෙහිදි කුරණ ග්‍රාමසේවා වසම් දෙකක අඩුආදායම්ලාභී පවුල් වල දරුවන් සඳහා පාසල් උපකරණ,පාසල් බෑග්, වටිනා ඇස් කණ්නාඩි ප්‍රධානය කෙරිණි. එලෙසම ශ්‍රවණාබාධ සහිත දරුවන් හා වැඩිහිටියන් සඳහා නොමිළේ ශ්‍රවණ පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් ලබාදීමද සිදුකෙරිණි. මුඛ සෞඛය පිළිබඳව දේශනයක් ද මෙහිදී  පැවැත්විණි. මෙම සේවාවන් වලදී කොළඹ කේම්බ්‍රිජ් සිංහ සමාජය C-1 ලින්ක් සුදන්ත ආයතනය මගින් සම්පත් දායකත්වය සැපයූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ කුරණ සාන්ත ආනා දේවස්ථානයේ ඉන්ද්‍රා රත්නසිරි පියතුමාය.මෙම අවස්ථාවට රෝයි ඔප්ටිකල් ආයතනයේ ටෝනි බුරා සහ රානි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.