රෝෂෙන් චානක සමරා නිදහස් වෙළද කලාපේ බෝධි පුජාවක්

0
234

P1090038 new

2011 මැයි 30 වෙනිදා නිදහස් වෙළඳ කලාප කම්කරු උද්ඝෝෂණයේදි පොලිස් වෙඩි පහරකින් මිය ගිය රෝෂෙන් චානක ඇතුළු තුවාල ලැබු කම්කරුවන් සිහි කරමින් නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සිවිල් සංවිධාන එක්ව සංවිධානය බෝධි පුජාවක් 2011 ජුලි 17 වනදා කටුනායක ඇවරිවත්ත ශෛලබිම්බාරාමයේදි පැවැත්විණි.දෙදහසකට ආසන්න කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම බෝධි පුජාවට කතෝලික පියවරුන් 6 දෙනෙක් සහ එක් කන්‍යාසොහොයුරියක්ද පැමිණි තිබිම කැපි පෙනුනි.රෝෂෙන් චානකගේ දෙමව්පියන් සහ පවුලේ අය මෙන්ම තවමත් ප්‍රතිකාර ලබන අත්පා බිඳුන කම්කරුවන්ද ඒ  අතර විය.

එමෙන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,විපක්ෂ සංවිධායක රවි කරුණානායක,පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර ජයලත් ජයවර්ධන ඇතුළු විපක්ෂයේ ප්‍රා දේශීය දේශපාලකයන් රැසක් මේ අවස්ථාවට සහභාගිව සිටියේය.මෙදින ධර්ම දේශනාව පැවැත්විම සදහා කම්රුවන්ගේ ඉල්ලිම මත කෝට්ටේ නාගවිහාරයේ අධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියන් වැඩම කිරිමට නියමිතව තිබුනද උන්වහන්සේගේ අසනිප තත්වය හේතුවෙන් ඒ වෙනුවට ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් විසින් මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණි.බෝධිපුජාවෙන් අනතුරුව අධිෂ්ඨාන පුජාවක් ශෛලබිම්බාරාමය ඉදිරිපිටිදි පැවැත්විණ.මෙහෙදි පත්‍රිකාවක්ද බෙදා හැරුණි.

මැයි 30 වනදා සිදුවිමෙන් පසු නිදහස් වෙළඳ කලාපය තුල මෙවන් පත්‍රිකාවක් ප්‍රසිද්ධියේ බෙදාහැරුණ පළමු අවස්ථාවද මෙය විය.

එහි මෙසේද සදහන්ව තිබුණි.රොෂෙන්ගේ මළගෙදර අපේ හිතේ දුකට කෑගහල අඩන්නවත් දුන්නේ නෑ.උසාවි නියෝග,තුවක්කු ගත්තු හමුදා භටයො,මහ ඇමතිල උන්ට ඕන හැටියට මිණිය වලල ගත්ත.කතෝලික පල්ලියයි,ගමේ පල්ලියේ ස්වාමියි,ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව නියමෙට ඉෂ්ඨ කලා………….

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ රොෂෙන්ගේ මරණය ගැන පවත්තපු විභාගයේදි මෙම මරණය මිනිමැරුමක් බවට මහේස්ත්‍රාත්තුමා තින්දු කළා.පොලිස් නිලධාරින්ට ඇප ලබාදිලත් නැහැ.හැබැයි මතක තියාගන්න ඕනේ මීගමුව උසාවියේ නිතිඥවරු ඔක්කොම වගේ පෙනි හිටියේ පොලිස් නිලධාරින් දෙදෙනා වෙනුවෙන්.කම්කරු අප වෙනුවෙන් නම් නෙමේ……..මෙම ආගමික සමරු වැඩසටහන නිදහස් වෙළද කලාප සේවක එකතුව විසින් සංවිධානය කර තිබුණි.P1080977 newP1080961 newP1080982 newP1090017 new

අධිෂ්ඨාන පුජාව සහ පත්‍රිකා බෙදිමේ අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා කථාකළ නිදහසේ වේදිකාවේ කැදවුම්මණ්ඩල සභික බ්‍රිටෝ ප්‍රනාන්දු පවසා සිටියේ නිදහස් වෙළද කලාප කම්කරුවන් වෙත මුදාහැර ඇති මේ භිෂණය පරදා අයිතින් දිනා ගැනිම වෙනුවෙන් පුළුල් එකතුවක් ලෙසින් පෙරට ආ යුතු බවය.