මේ පැමිණිල්ලට අදාල කථා පුවතද සැබැවින්ම රටේ ජනයා දැනගත යුත්තකි.
මාර්තු මුල සතිය ඇරඹෙන්නේම මිගමුව රෝහලට බරපතල අවධානමක්ද කැදවාලමිනි. ඒ කොරොනා ආසාදිත රෝගියෙකු රෝහලට ඇතුලත්ව තිබිමත් පසුව ඔහු මිය යාමත්ය.
මේ රෝගියා ඇතුලත්විමට අදාලව රෝහලේ ඇතැමුන්ගෙන් සිදුව අතැයි කියන සැලකිලිමත් කමේ අඩුව හේතුවෙන් අංශ ගණනාවකටම එහි බලපෑම පැතිර ගොස් තිබුණි.
අවසානයේදි මේ රෝගියාගේ තත්වය උත්සන්නවිමෙන් තවත් රෝගින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින දැඩිසත්කාර ඒකකයට යොමුකිරිමට සිදුව තිබුණි.ඔහු මිය යන්නේ දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදිය.
ඉන් පසු දැඩි සත්කාර ඒකකයේ සිටි රොගින් දෙදෙනාව දැඩි සත්කාර ඒකකයක් තුල සිදුකළ යුතුව තිබුන ප්‍රතිකාර සදහා ඩෙංගු වාට්ටුවේ දැඩිසත්කාර ඒකකයට මාරුකර ඇත.
එහෙත් ගැටලුවක් මතුව තිබුනේ ඒ රෝගින් වෙනුවෙන් කටයුතු කිරිමට එකගතාවය පළකළ වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලයට රැදි සිටිමට කාමරවල අවශ්‍යතාවයයි. .
මේ ගැන සොයා බලන විට දැනගන්නට ලැබි ඇත්තේ ඩෙංගු ඒකකය තමන්ගේ යැයි සිතා කටයුතු කරනු ලබන අයෙකු විසින් මේ කාමර සියල්ල අගුළු දමා ඉබි යතුරුද රැගෙන ගොස් ඇති බවය.
රෝහලක ඒකක හෝ වාට්ටු කිසිදු පුද්ගලික අයිතියකට යටත් නැත.
එබැවින් අවසානයේ අවශ්‍යතාවයේ දැඩිබව සලකා රෝහල් අධ්‍යක්ෂකතුමියට සිදුව තිබුනේ ඒ කාමර වල ඉබි යතුරු කඩා වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයට මේ කාමර ලබාදිමට කටයුතු සැලසිමය.
ඉතින් අපට දැනගන්නට ලැබෙන්නේ මිගමුව පොලිසියට කර ඇති පැමිණිල්ල කාමර වසා දමා ඉබි යතුරු රැගෙන ගොස් තිබුන ඩෙංගු ඒකකය තමන්ගෙේ පුද්ගලික බූදලයක් යැයි සිතා කටයුතු කළ අයෙකු විසින් කරන ලද්දක් බවය.