රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකුට පහර දී කොල්ල කයි .

0
129

දෙසැම්බර් 10 වනදා රාත්‍රිෙය් දී  මීගමුව  බ්ලූමූන් හෝටලයෙන්  ආහාර ඇනවුම් කිරීමට ගොස් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකුට මැරයින් දෙදෙනෙකු පැමිණ පහරදී ඔවුන් මංකොල්ල කා පැනගොස් තිබේ. පහරකෑමට ලක්වී ඇත්තේ මීගමුව රෝහලේ සංවර්ධන පදනමේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකයෙකි.  මොවුන් දෙදෙනා  එම ස්ථානයේ ආහාර ඇනවුම් කරමින් සිටියදී තවත් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ  ඔවුන් සමග බොරු රන්ඩුවක් ඇතිකරගනිමින්  පහරදී  තිබේ. බරපතල ලෙස පහරදුන් පසුව මෙම සාමාජිකයන් දෙදෙනා අත තිබූ වටිනා රන්මුදුවක්ද නැතිවි ඇතැයි වාර්ථා වේ.