මීගමුව රෝහලේ රෝහල් නිලධාරියෙකු, රෝගියෙකුට පහරදෙයි

0
91

අගෝස්තු 27 වනදා මීගමුව රෝහලේ සායනයෙන් බෙහෙත් ගැනීමට පැමිණී රෝගියෙකු හෙද නිලධාරියෙකු  අතින්   පහර කෑමට ලක්වී ඇත.  මෙම රෝගියා එදින සායනයෙන් බෙහෙත් ගැනීමට පැමිණ පෝලිමේ සිට ඇත.  එහිදී   නොම්මර  පිලිබද ගැටළුවක්   මතුවී ඇති අතර  ඒ පිළිබදව යම් මතභේදයක් පැමිණි සිටි රෝගීන් සහ නොම්මර ලබාදුන්  නිලධාරියා අතර මතුවී ඇත. එම අවස්ථාවේදී මෙම රෝහල් සේවකයා විසින් අදාළ  රෝගියාට පහර දී ඇති බව වාර්තා වේ. එම රෝගියා එම අවස්තාවේදීම රෝහලේ 04 වන වාට්ටුවට ඇතුළත් කර තිබේ. පහරදී ඇති පුද්ගලයා සෞඛ්‍ය කාර්ය සහකාරවරයෙකු වන අතර  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් සහ මීගමුව රෝහලේ සුබසාධක සංගමයේ ලේකම් තනතුර දරන බව වාර්තා වේ. මේ අතර රෝගියාට පහරදී ඇති හෙද නිලධාරියාද  රෝහලේ ප්‍රතිකාර ලැබ ඇති බවත් වාර්තාවේ. අද දින ඔහුව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාේ පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔහු ට බපතල හානි නොමැති බවද වාර්තා වේ. පහර කෑරෝගියා තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.stop-violence-against-women2