රෝහල් සේවක බිරිඳගේ ඝාතකයා පොලීසියට කොටුවෙයි.

0
68

imagesදිවුලපිටිය පොලිස් වසමේ මරදගහමුල ප්‍රදේශයේ නිවසකදි ඊයේ දහවල් ඝාතනයට ලක් වු එක්දරු මවකගේ ඝාතන සැකකරු කොටුකර ගැනිමට දිවුලපිටිය පොලිසිය සමත්ව ඇත.
මෙම සැකකරු 29 හැවිරිදි පොලිස් විශේෂ සේවා බලකායේ  කාර්මික අංශයේ සේවය කළ අයෙක් බවට පොලිසිය හදුනාගෙන ඇත.
තවත් තිදෙනෙක් හා අධික ලෙස බිමත්ව සිටි මේ පුද්ගලයා උඩු මහලේ සිට පහත මාලයට කණුවක ආධාරයෙන් රූටා එනු   පහත මාළයේ රූපවාහිනි අලුත්වැඩියා කරන්නෙකු විසින් දැක ඇත. පසුව ඔහු 119 වෙත   දන්වා සැකකරු අල්ලා තබාගෙන පොලිසියට භාර දි ඇත.දැ
ඉන් අනතුරුව පැමිණි දිවුලපිටිය පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සිදුකල පරික්ෂණ වලදි හෙළිවුයේ උඩමුහලේ කතක් ඝාතනයට ලක්ව ඇති බවය.ඇය දූෂණයට ලක්ව ඇති බවක්ද පෙනි යන්නේ යැයි පොලිසිෙය් ප්‍රකාශකයෙකු මීපුරට පවසා සිටියේය.
දැනට හෙළිවි ඇති තොරතුරු වලට අනුව ඝාතනයට ලක්වු තැනැත්තිය අයත් කඩ කාමරයක් ජානක නැමැත්තෙකුට දි ඇති අතර එහි කුලිය සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් නිසා ඒ පුද්ගලයා මේ තැනැත්තිය හා විරසකයෙන් සිට ඇත.ඝාතන සැකකරු මත්පැන් පානය කර ඇත්තේ ජානක නැමැත්තා ද සමගින් වන අතර අදාල දෙමහල් නිවසට පැමිණ ඇත්තේ ජානක නැමැත්තාගේ යතුරු පැදියෙනි.
මෙම ඝාතනයේ වැඩිදුර පරික්ෂණ මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ අධික්ෂණ්‍ය යටතේ සහකාර පොලිස් අධිකාරි 3 අරුණ ප්‍රියශාන්ත,දිවුලපිටිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දෙහිගම,පොලිස් පරික්ෂක ජගත්,දිවුලපිටිය අපරාධ අංශයේ  වික්‍රමසිංහ,පොලිස් සැරයන්වරුන් වන 25468,3789,පොලිස් කොස්තාපල් වරුන් වන 30981,49223,79621 සහ කාන්තා පොලිස් කොස්තාපල් සුජිවා විසින් සිදුකරගෙන යනු ලබයි.
මෙම ඝාතනයේ පශ්චාත් මරණ පරික්ෂණය අද සවස සිදුකිරිමට නියමිතව තිබුණි.