රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත මාධ්‍යවේදියාවේදියා නිවසේ සැඟවිලා. පොලීසිය උළු ගලවාගෙන ගෙට පැනලා

0
73

කොවිඩ් ආසාදිතව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ජාතික පුවත්පතක වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු රෝහලෙන් පැනගොස් ඇති බවට රෝහල් බලධාරීන් රෝහල් පොලීසියට පැමිණිලි කර තිබුණා.

පසුව තලංගම පොලීසියෙන් කළ සොයාබැලීමේදී වාර්තා වුණේ මෙලෙස රෝහලෙන් පැනගොස් ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කීර්ති වර්ණකුළසූරිය නැමැත්තා බවයි.

රෝහලෙන් පැනගොස් සිටි මෙම පුද්ගලයා ඔහුගේ නිවසට ගොස් ඇති අතර පොලීසිය පැමිණ ඔහුට කතා කලද නිවසේ දොර ජනේල වසාගෙන සැඟව සිට තිබෙනවා.

පොලීසිය විසින් ඔහුගේ පෞද්ගලික දුරකතනයට හා නිවසේ ස්ථාවර දුරකතනයට ඇමතුම් ලබාගත්තද ඒ කිසිවකට කීර්ති වර්ණකුලසූරිය නැමැත්තා ප්‍රතිචාර නොදැක්වූ බවත් නිවසේ ස්ථාවර දුරකථනයේ රැහැන් ගලවා ඉවත්කර තිබූ බවත් තලංගම පොලීසිය සදහන් කරනවා.

පසුව පොලීස් නිලධාරීන් විසින් නිවසේ වහලයේ උළු ඉවත් කර නිවසට ඇතුළුවූ අවස්ථාවේදී නිවස තුළ සැඟව සිටි මෙම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අල්ලාගෙන තිබෙනවා.

අදාළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මේ වන විට ඔහුගේ නිවසේම තබා නිරෝධායනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට විරුද්ධව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් පොලීසිය සදහන් කළා.
www.news19.lk