ලංකාවට භූකම්පනයක් ඇතිවුනොත් මීගමුව රෝහලේ තට්ටු 7 ම බිම ?

0
63

NGB hospitalමීගමුව රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් අතර පසුගිය දිනක ඇතිවු කෙටි සුහද සංවාදයකදි හෙළිවුයේ එහි සේවය කරන රෝහල් සේවකයන් කෙතරම් බියකින් ඒ තට්ටු ගොඩනැගිල්ලේ සේවය කරන්නේද යනුවෙනි.
විශේෂයෙන්ම නේපාලයේ සිදුවු දැවැන්ත බේදවාචකයත් සමගින් දැන් මේ බිය දෙගුණ තෙගුණ වි තිබේ.
එපමණක් නොව පසුගිය දිනවල ලංකාවටද භූකම්පන ඇතිවිමේ ඉඩ ගැන මාධ්‍ය විසින් හෙළිදරව් කරමින් තිබිමත් නිසා තත්වය තවත් භායනක වෙමින් තිබේ.
රෝගි ජිවිතවල අවාධානම ගැන අවධානයකින් කටයුතු කළ යුතු රෝහල් කාර්ය මණ්ඩලයට මෙසේ සිය ජිවිත වල ඇති අවධානම් තත්වයත් සමගින් දැන් සේවයේ යෙදෙන්නට සිදුව ඇත.
තතු එසේවුවද අදාල බලධාරින් මේ බියකරු තත්වයන් සැලකිල්ලට ගෙන ඉක්මන් තින්දු ගෙන සිදුවෙන්නට නියමිතව ඇති දැවැන්ත බේදවාචකයක් මගහැරගැනිමට කිසිදු ක්‍රියාකාරි මැදිහත්විමක් සිදුකරන බවක් නම් නොපෙනේ.
එසේ නම් රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවනු ඇත්තේ කඩාවැටෙන්නට නියමිත තට්ටු ගොඩනැගිල්ලේ සිය සේවා වලින් ඉවත් විමයි.??