ලංකාවේ අතිසුඛෝපහෝගි මෝටර් 10 න් එකක හිමිකරු ඇමති ලංසාගේ හොඳම මිතුරෙක්?

0
380

hammerසුඛෝපභෝගී සුපිරි මෝටර් රථ ගණයට අයත් නොයෙක් නොයෙක් මාදිලි වලින් එළි දක්වා ඇති හැමර් ජීප් රථ 10 කට ආසන්න ප‍්‍රමාණයක් අප රටේ ඇත. ඒවායේ තීරු බදු සමඟ මිල රුපියල් ලක්ෂ 350 සිට 600 දක්වා වන අතර, සවි කෙරෙන අමතර උපාංග අනුව මිල ගණන් වෙනස් වන බව පැවසෙයි. අප රටේ ඇමෙරිකා තානාපති කාර්යාලය සතුව ද හැමර් ජීප් රථ ඇත. වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි මහතා සිය මැතිවරණ කටයුතු සඳහා ද හැමර් ජීප් රියක් භාවිතා කළේය.
මේ අතර මීගමුවේ ජනතාව පළමුවෙන්ම හැමර් රථයක් දකින්නේ මෑතකය.එහි හිමිකරු වන්නේ ටික කලින් කෝටිපතියෙකු වු මීගමුව හෝටල් ව්‍යාපාරිකයෙකු සතුව තිබියදිය.
මේ තැනැත්තාට අති සුපිරි හෝටල් 3 ක් ඇති අතර මෑතකදි තවත් එකක් හික්කඩුව ප්‍රදේශයෙන් ඇරඹි බව සැලය.
මීට වසර කිපයකට ඉහතදි ඔහු ක්‍රිඩා අභ්‍යාස ගුරුවරයෙකි.
ඇමති ලංසාගේ හිතවත්ම මිතුරන් අතරේ ප්‍රධානියෙකු වන අතර ඇමති ලංසාගේ නිවස පරික්ෂා කිරිමට එදා පැමිණි විශේෂ කාර්ය බලකායේ සෙබළුන් මේ ව්‍යාපාරිකයාගේද නිවස පරික්ෂා කිරිමට ගොස් තිබුණි.

ශ‍්‍රී ලංකා මෝටර් රථ ලියා පදිංචි දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාවේ 10 දෙනෙක් පමණ හැමර් ජීප් රථ භාවිතා කරති.

හැමර් ජීප් රථයට ඇත්තේ සුවිශේෂී පළල් හැඩයකි. එය රෝද හතරේ එක වර ධාවනය (ෆෝ වීල් ඩ‍්‍රයිව්) කෙරෙන සාමාන්‍ය එස්.යූ.වී. රථ වලට වඩා වෙනස් වන්නේ පෙනුමින් පමණක් නොව, මෙම ජීප් රියේ ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස විශාල වීම හේතුවෙන් හැමර් ජීප් රථ පරිහරණය අපහසුය. මහ මඟ ධාවනයේදීත්, රථ ගාල්වල එය නැවැත්වීමට යෑමේදිත් ගැටලූ මතු වන බවට ඇමෙරිකන් පාරිභෝගිකයෝ මැසිවිලි නගති. කුමන අඩු පාඩු පැවතියත් ආරක්ෂාවට මුල් තැන දෙමින් හැමර් ජීප් රථ නිපදවන බව යැයි ජෙනරල් මෝටර්ස් සමාගම පවසා ඇත.